Saturday, July 1, 2017

සොෆ්ට්වෙයාර් ඉන්ජිනියර්ට හිතගිය හැටි උපේකා හෙළි කරයි .....

  

සුපෙම් වී හිඳිනා ... සඳ කතාව මා පතනා....මේ හඬ කෙතරම් සුන්දරද . හිරිමල් තරුණ වයසෙ කෙල්ලකගෙ හඬින් ගීතයක් ගැයුවම කවුද අහගෙන ඉන්න අකමැති. එය ඒ තරමටම කන්කළුයි. ජොලි සීයගෙ දුව කියල කිව්වට ඇය දැන් ඇයටම කියලා රසිකයන් පිරිසක් හදාගෙන. ඇය නමින් උපේඛා නිර්මාණි. අහල බලමු ඇයගෙන්ම පෙම්වතියක් වුණු ඒ සුභ ආරංචිය.   


ඉතිං උපේකා කොහොමද ?
හොදින් ඉන්නවා.


මොකද කරන්නෙ මේ දවස්වල ?
මේ දවස්වල නම් මම ෆ‍්‍රී එකේ ඉන්නවා. ස්ටාර් සිටි ප්‍රෝග‍්‍රෑම් එක ඉවරවෙලා වැඩි දවසක් නෑනේ. තාම අලූත් වැඩක් පටන්ගත්තෙ නෑ ඒ හින්දා.

ස්ටාර් සිටි පරාද වුණා නේද ?
ඔව් ඒක අනිවාර්යෙන් ටීම් දෙකෙන් එකකට ලැබෙන්න  ඕනනේ. ඒක අපිට ලැබුණා. සතුටින් ඒ තීරණේ භාරගත්තා. අවසන් මහා තරගයට ආපු එකම ලොකු සතුටක්.

පුහුණුවීම් මදිකමක් නේද පරාජය වෙන්න හේතුව ?
නෑ එහෙම දෙයක් නෙවෙයි. දක්ෂතාවයේ අඩුකමක්වත්, පුහුණුවීම් අඩුකමක්වත් එතන තිබුණේ නැහැ. අපි ගොඩක් මහන්සි වුණා පුලූවන් උපරිමයෙන්ම. ිපි වලින්නේ ජයග‍්‍රහණය කරන කණ්ඩායම තෝරන්නේ. ඉතිං අපිට දිනන්න බැරි වුණා.

අදහසක් නැද්ද අලූත් සිංදුවක් කරන්න ?
අලූත්ම සිංදු දෙකක් වොයිස් කරන්න තියෙනවා. එකක්නන් තාම ලියමින් පවතින්නේ. අනිත් සිංදුව වොයිස් කරන්න තියෙන්නේ.

ඒ සිංදුව ගැන යමක් කිව්වොත් ?
ඒ ගීතය ආදරය ගැන ලියවුණු ගීතයක්. පදරචනය වසන්ත දුක්ගන්නාරාළ. ගම්පෙරළියේ නන්දා තමයි සිංදුවෙ නම.


වීඩියෝවක් එහෙම කරන්න අදහසක් නැද්ද ?
අනිවාර්යෙන්ම කරන්න  ඕන. හැබැයි ළගකදි නම් නෙවෙයි. ටිකක් කල් යයි ඒ වැඬේට. බලමු,

උපේකට මේ තැනට එන්න මග කියපු රසිකයන්ව උපේකට අමතක වුණා නේද?
ඇත්තටම එහෙම කියන එක වැරදියි. මොකද මම ඞී‍්‍රම් ස්ටාර් වින් කරලා දැනට අවුරුදු හතක් වෙනවා. ඒ ප‍්‍රතිචාර, ආදරය තාමත් ඒ විදියමයි. ඒකම ලොකු දෙයක්නේ. සමහරු ආව ගියා. හොයාගන්නවත් නෑ. ගායිකාවක් විදිහට මට කරන්න පුලූවන් ලොකුම දේ තමයි ගීතයකින් ඔවුන්ගේ හිත් සනසන එක. ඒ කළගුණ සැලකීම අදටත් මම කරනවා ඔවුන් වෙනුවෙන්. ඔවුන් ඒ ගීත ආදරෙන් විදිනවා.

ගංවතුරෙන් අසරණ වුණු මිනිස්සු වෙනුවෙන් මොනවද කළේ ?
ගොඩාක් ලොකු දෙයක්නන් කරන්න බැරි වුණා. ඒ වුණාට මට පුලූවන් විදියට මගේ යාලූවො තුන්දෙනෙක් එක්ක එකතුවෙලා ඔවුන්ට ආධාර කළා. මම ගෑනු ළමයෙක් නිසා ඒ තැන් වලට තනියම යන්න බෑනේ. ඔවුන්ගේ අඩුපාඩු ගන්න මුදලින් ආධාර කළා.

දැනට පේ‍්‍රක්ෂකයන් අතරට ගියපු ජනප‍්‍රියම ගීතය ?
මේ වසරේදි අතිශය ජනප‍්‍රිය වුණා දෙවනි ඉනිමේ සුපෙම් වී හිදිනා ගීතය. ඒ ගීතය තමයි මගේ අතිශය ජනප‍්‍රියම වුණු ගීතය.

දැන් බිහිවන තරු ඇත්තටම දක්ෂයිද ?
ස්ටාර් තරග ආරම්භ කරපු මුල් කාළේ තමයි මං හිතන විදියට හොඳම දක්ෂයින් බිහිවුණේ. පස්සෙ පස්සේ චැනල් හැම එකකින්ම වගේ ස්ටාර් තරග කරන්න ගත්තා. අනිත් එක සීසන් ගොඩක් තියෙනවනෙ. එකක් ඉවර වෙනකොට තවත් එකක්. ඒක කොහෙන් ඉවර වේද කියලයි හිතාගන්න බැරි. කොහොම වුණත් ඉන්න අයගෙන් දක්ෂයා ජයග‍්‍රහනය කරයි.

එදා තිබුණු ජනප‍්‍රියත්වය තාමත් තියෙනව කියල හිතෙනවද ?
එදා තියෙන ජනප‍්‍රියත්වය තියෙන ජනප‍්‍රියත්වය වෙනස්. එදාට වඩා මිනිස්සු ප‍්‍රමාණයක් අද හඳුනනවා. ඒ අතින් මම ගොඩක් දියුණුවෙලා කියලයි මටනම් හිතෙන්නේ.

කොහොමද පේ‍්‍රක්ෂක ප‍්‍රතිචාර ?
පාරට බැස්ස ගමන් වටකරගන්නේ නැති වුණාට පාරෙ තොටේදි හම්බුණාම කතාබහ කරලා සෙල්ෆි එහෙම ගන්නවා.

තාත්ත එක්ක සිංදුවක් කරන්න අදහසක් නැත්ද ?
තාම අදහසක් නෑ. තාත්තගෙ ශෛලියත් එක්ක කොහොමද මම සම්බන්ධ වෙන්නේ. ඒක මම කොහොම කරන්නද කියල මට තේරෙන්නෙත් නෑ. ඒකට මට කවුරුහරි කන්සෙප්ට් එකක් දෙනවනන් සලකලා බලමු.

තාත්ත කිව්වෙ නැද්ද මෙහෙම දෙයක් කරමු කියලා ?
නෑ. තාත්ත කියන්නෙත් නෑ ඉතින්.

තරගෙදි කරපු වෙනස මොකද තාම පිටදි කරන්න බැරිවුණේ ?
මම ජනප‍්‍රියත්වයට පත්වුණු කාළේ ඊට වඩා ජනප‍්‍රියත්වයක් අට ලබාගන්න තිබුණා. ඒත් චැනල් වලින් ඇතිකරපු ප‍්‍රශ්න එක්ක ඒක මගහැරුණා මට. ඒ දේ අදටත් තියෙනවා එදා වගේම.

මොකද්ද ඒ චැනල් කතාව ?   
මෙහෙමයි. මම ජයග‍්‍රහණය කළේ දෙරණින්. මම එළියට ආවෙ දෙරණේ සංකේතයක් විදියට. එතකොට අනිත් චැනල් වලින් අපේ සිංදු විකාශනය කරන්නෙ නැතුව හිටියා. ලොකු අසාධාරණයක් වුණා. ඒ දේ ඒ දවස්වල වගේම අදටත් වෙනවා.

වෙනස් දෙයක් කරනව කියපු උපේකා අද ආදරයටයි විරහවටයි කොටුවෙලා නේද ?
හරි ඉතින් මම තාම තරුණයිනේ. මේ වයසට දැනෙන්නේ ආදරේනේ. ඔන්න අම්ම කෙනෙක් වුණු කාලෙක දරු සෙනෙහස ගැන සිංදු කරන්නන්.

ඒ කියන්නේ උපේකාට දැන් ආදරේ දැනෙනවද ?
ඔව් ඔව් මම දැන් ආදරේ විදිනවා.

ඒ් කියන්නේ දැන් පෙම්වතියක් ?
ඔව්. මම දැන් පෙම්වතියක්.

ලඟදීම වෙඩින් කේක් කන්න පුලූවන් ?
ඔව් පුලූවන්. හැබැයි මේ අවුරුද්දෙනන් නෙවෙයි. දැනට ඇති නේද?

අපි කියමු පෙම්වතා ගැනත් ?
ම්..ම්ම්.. එයා සොෆ්ට්වෙයා ඉංජිනියර් කෙනෙක්. හරි අහිංසකයි. තැන්පත්. ඒ නිසාමයි මං එයාට කැමති වුණේ.

උපේකා දැන් ඇති සිංදු කිව්ව කියල පස්සෙ කාලෙක පෙම්වතියා කිව්වොත් ?
නෑ නෑ එහෙම කියන්නෙ නෑ කොහොමවත්.

උපේකා කොහොමද එහෙම කියන්නේ ?
මුලින්ම මම ඒක අහල තමයි යාලූවුණේ.

මොනවද උපේකා අදරය පටන් ගනිද්දි මොනවද ඔහුගෙ බලපු දේවල් ?
මම හොයපු දෙයක් නෙවෙයි. එයාව දැක්කම ඒ හැමදේටම මම ඔටෝ කැමති වුණා. මං හිතන්නෙ නෑ ගෑණු ළමයෙක් කවදාවත් ඒ වගේ කෙනෙක්ට අකමැති වෙයි කියලා. හරි අහිංසකයි එයා. හරි හොදයි ඉතිං.

රගපාන්න ආරාධනාවක් කළොත් ?
අම්මෝ ඒකනං ගොඩක් අමාරු දෙයක්. සිංදුවක් කරනවට වඩා ලොකු කැපකිරීමක් ඒ වෙනුවෙන් කරන්න  ඕන. ඒ නිසා මගේනං අදහසක් නෑ රගපාන්න.


                                                        
                                                                              '' මා  භරණ ''


No comments:

Post a Comment