Friday, June 2, 2017

වැරදුණු පාර…


‘‘ රංජිත් සර් අද නැද්ද සර්
සර් නෑනෙ. මොකද්ද වුවමනාව ?
මේ...රංජිත් සර් අද එනවද දන්නෙ නෑ නේද ... ?
සර් සප්ත වාර්ෂික නිවාඩුවකට රට ගියා.අවුරුද්දක්ම රට ඉදී ... ''

රංජිත් සර්ට

හීන පොදි බැඳගෙන                           
පාර ලඟ හිටගෙන
කඳුළු බිඳු බීගෙන
මම තාම එතැනම
                                                    


සරසවිය දොරටුව                     
වැඩසිටින පිළිමය
නොවෙනස්ව ඇත තව 
මා දෙසම බලමින

ශ්වේත වර්ණව තුරඟ                     
විත් විදුරුවෙන් බලමින         
නැගගියා මම සුරලොව
එදා නුඹ සමගම

රළු පපුවෙ පහසට
පිබිදුණා මල් හෙමිහිට
ඔබේ පුදසුන මත
විසිරුණා මල් පෙති කොට

නුඹ කොයි සිටිම්දෝ
මගේ දුක පෙනෙම්දෝ
පුන්චි පුතු අසම්දෝ
පියා මගෙ කොයින්දෝ

පියාගේ තෙල් සුවඳ
ලණු ඇඳේ තව ඇතේ
මව්ණිගේ සොහොන් කොත
සුදුමලින් සැරසිතේ
නැගණිගේ පුන්චි දූ
අපේ පුතු ලඟ කොමලතේ..
නුඹ තළපු මගේ හිත
ඒ බලා සැනසෙතේ

                             මෙයට,

නාලිනී





'' මා  භරණ ''

No comments:

Post a Comment