Saturday, July 28, 2018

ගුවන්විදුලි කතන්දරේ

                                          

                           

        ලෝකය සෑමදාම එකම තැනක නොපවතී. දිනෙන් දින එය දියුණුවට පත්වෙයි. ඒසේ දියුණුවට පත්විමේදී  කිසිදාක නොසිතූ විලසින් නොදැකපු විලසින් නොයෙක් ආකාරයේ උපාංගයන් ලෝකයට බිහිවේ. ලෝකය එසේ දියුණුවට යන ගමනේදී  බිහි වූ පර්යේෂණයක විශිෂ්ඨ ප‍්‍රතිඵලයක් වශයෙන් ගුවන් විදුලිය ලෝකයට බිහිවිය. Radio Ceylon” යන්න ගුවන් විදුලිය යනු ව්‍යහාරයට පැමිණ ඇතත් මුල් කාලිනව මෙම ගුවන් විදුලිය හඳුන්වනු ලැබුවේ ” Wireless ” යනුවෙනි. එබැවින් අදහස් කරන්නේ රැහැන් රහිත ශබ්දය එක් තැනක සිට තවත් තැනකට සංඥා යැවිමේ ක‍්‍රමවේදය වශයෙනි.

          ගුවන් විදුලිය සොයා ගන්නට ප‍්‍රථමයෙන් බොහෝ පර්යේෂකයන් විවිධ පර්යේෂණයන් මේ පිළිබඳව පවත්වන්නට විය. James Clark සහ Max Well යනු එවැනි ම දෙදෙනෙකි. 1873 දී ඔවුන් දෙදෙනා නොයෙක් පර්යේෂණ පවත්වන්නට වූයේ මෙම විද්‍යුත් චුම්භක තරංග ශබ්ද තරංග බවට පත් කර ගැනිමේ ක‍්‍රවේදය සොයා ගැනිමට ය. දිගින් දිගට ම ඔවුන් කරන ලද පර්යේෂණවල ප‍්‍රතිඵලයක් ලෙස 1879 දී ගුවන් විදුලි තරංග ලොවට හදුන්වාදීමට හැකිවිය. බොහෝ මහන්සි වී පරියේෂණයන් පවත්වා නිරීක්ෂණයන් තුලින් නිගමනයන්ට එළඹ  ඔවුන් දෙදෙනා එම ශබ්ද තරංග සොයා ගත්ත ද ඔවුන් දෙදෙනාට වඩා එයින් ප‍්‍රයෝජන ගනු ලැබුවේ වෙනත්  අයෙකි. එම ශබ්ද තරංග ප‍්‍රයෝජනවත් ලෙස  යොදා ගත්තේ ජර්මන් ජාතික හයිඩි‍්‍රින් හර්ඞ්න් විසිනි. ඒ ක‍්‍රිස්තු වර්ෂ 1888 දී ය. එය බොහෝ අඩු ලූහුඩුකම් වලින් සමන්විත වූ අතර පසුකාලින ව එම අඩුලූහුඩුකම් සැකසීමට ඉංග‍්‍රීසි ජාතික Sir Oliver Lorget  හැකියාව ලැබුණි. සංඥා තනාගන්නා නළයක් නිපදවමින් එය තවදුරටත් සම්පූර්ණ කරන්නට  මහාචාර්ය Edward ට හැකියාව ලැබුණී.

           මේ ආදි වශයෙන් නොයෙක් ආකාරයේ පර්යේෂණ දිනෙන් දින පවත්වමින් නොයෙක් අත්හදා බැලීම් සිදු කරමින් විවිධ පර්යේෂණ තවදුරටත් ලොව පුරා සිදු විය. මෙහිදී මෙම ගුවන් විදුලිය තවදුරටත් දියුණු තත්ත්වයට පත් කරමින් සාර්ථක අන්දමට ලොවට හදුන්වාදීමේ පරිපූර්ණ වූ ගෞරවය ඉතාලි ජාතික ගුග්ලිමෝ මාර්කෝනි ට හිමි වන්නේ ය.


          මෙලෙසින් මාර්කෝනි ගුවන් විදුලිය සොයා ගන්නා අතර මුලින් ම එහි ශබ්දය ගමන් කරන ලද්දේ අඩි 30 ක් පමණ දුරට පමණි. ඒ 1890 වර්ෂයේ දී පමණ ය. 1896 වසරේදී හොඳම පර්යේෂණ පුළුල් ලෙස සිදු කිරිමට එංගලන්තයට ගිය අතර ඒ සදහා බි‍්‍රතාන්‍ය බොහෝ උදව් සිදු කළේය. ඔවුන්ගේ නව සොයා ගැනිම් ද මෙම පර්යේෂණයන්ට අතිශයින් වැදගත් විය. 1991 දී සරුංගලයක් ඇසුරුකරගෙන එහි ට‍්‍රාන්ස්මීටරයක් මගින් එක්තරා නගරයක සිට නවසීලන්තයට ගුවනින් විදුලි සරුංගලය යැවිමට මාර්කෝනිට හැකියාව ලැබුණි. මෙම ක‍්‍රමය Point Signal ක‍්‍රමය නමින් හැදින්වේ.

          වයර්ලස් මගින් කටහඩ විසුරුවා හැරිමට ප‍්‍රථමයෙන් ස්ථිර ලෙසට තරංග යැවිමේ ක‍්‍රමයක් 1902දී ඩෙන්මාර් ජාතික වැලින්ඞ් මාර් පවුල්සන් විද්‍යඥයා විසින් සොයා ගන්නා ලදී. ගුවන් විදුලි තරංග මගින් සැතපුමක් පමණ දුරට කටහඬ යවන්නට හැකි ක‍්‍රමයක් 1902 දී R.A.පෙසන්ඩන් සොයා ගන්නට විය. මෙසේ ක‍්‍රමයක් සොයාගත් පසු ව එය දියුණු කරමින් ඒ ඔස්සේ සංගීතය ද යැවිය හැකි ක‍්‍රමයක් 1906දී සොයා ගන්නා ලදී. ඒ දුර සැතපුම් 100ක්  තරම් ප‍්‍රමාණය කි.

          ගුවන් විදුලි තරංග පිළිබඳව පර්යේෂණ පැවැත් වූ Leed Porras වැදගත් පුද්ගලයෙකි. ඔහු සාර්ථක ලෙස ගුවන් විදුලි තරංග පිළිබඳ පර්යේෂණ පැවැත්වූ අයෙකි.

මෙසේ ගුවන් විදුලිය ඔස්සේ ශබ්ද තරංග දුරකට විකාශනය කළ හැකි ක‍්‍රමයක් සොයා ගැනිමෙන් අනතුරුව වූයේ මෙම ගුවන් විදුලිය විකාශනය කිරිම. ඒ අනුව ’’සිතිව් සිතිව්’’ කටහඩ හා කවිය පදනම් කර ගනිමින් ලොව ප‍්‍රථම ගුවන් විදුලි විකාශනය වාර්තා වන්නට විය.

ලොවම මවිත කරමින් ආරම්භ වූ ගුවන් විදුලි විකාශනයේ සංධිස්ථානය එලෙස ඇරඹෙන අතර ලොව පුරා බොහෝ දෙනා දැඩි උනන්දුවකින් ගුවන් විදුලි යන්ත‍්‍ර සොයා ඇදෙන්නට විය. පසුකාලීනව මෙම ගුවන් විදුලි යන්ත‍්‍ර විකිණිම සදහා නිෂ්පාදනය කෙරුණු අතර 1908 සිට 1914 දක්වා කාල පරාසය තුල ලොව පුරා බොහෝ පර්යේෂණ මෙම ගුවන් විදුලිය පුරා සිදු වී ඇත. ඒ අනුව මෙම ගුවන් විදුලියෙන් බොහෝ දුරට කටහඩ විකාශය කරන්නට හැකියාව ලැබී ඇත. 1915 දී අමෙරිකාවේ ටෙලිග‍්‍රාෆ් හා ටෙලිෆෝන් යනාදී ආයතනයන් එකතුවී ආලිස්ටන් හි සිට අයිෆල් කුළුණ දක්වා සැතපුම් 3800ක් දුරට මෙම සංගීතය විසුරුවා ඇත.


          පසුව 20 වන සියවසේදී ශබ්ද විකාශනයන් ද බිහි වන්නට විය. එමෙන් ම එංගන්තය සහ අමෙරිකාවේ සහයෝගය ඇතිව ප‍්‍රාදේශිය විකාශනාගාර වශයෙන් ස්ථානයන් 20ක් ද පිහිටුවන්නට විය. පළමු ලෝක යුද්ධයේ බලපෑමෙන් දියුණු වූ මෙම ගුවන් විදුලි යන්ත‍්‍රය තදින් ම මිනිසුන් වැළඳ ගන්නට විය. කෙසේ නමුත් අළුතින් සොයා ගත් යන්ත‍්‍රයන් නිසා විවිධ වැරදි තිබූ අතර ම තම සියළු අඩුපාඩු සකසා ගනිමින් 1922 පෙබරවාරි 14 දින ප‍්‍රචාරය වූ වැඩසටහන තුලින් සියළු අඩුපාඩු සකසාගෙන වැඩසටහන් ක‍්‍රමවත් ව කරන්නට  විය.

කෙමෙන් කෙමෙන් සාර්ථක වන මෙම ගුවන් විදිලි යන්ත‍්‍රය මිනිසාට නැතුවම බැරි දෙයක් බවට පත් කිරිම සමාගාම් වෙළඳකරුවන්ගේ මූලික අභිප‍්‍රාය විය. එනිසාවෙන් ම බි‍්‍රතාන්‍ය සමාගමක් විසින් මෙම ගුවන් විදුලිය යන්ත‍්‍රය බි‍්‍රතාන්‍ය තුල නිපදවන්නට විය. පසුව මෙසේ යන්ත‍්‍ර නිෂ්පාදනය කරන ආයතන 06ක් ඒකරාශී වී බි‍්‍රටිස් බ්‍රෝඩිකාස්ටින් කම්පණි නම් වූ සමාගම පිහිටුවන ලදී. පසුකාලින ව මෙම ගුවන් විදුලි සමාගම 1926 දී අහෝසි වී එය සංස්ථාවක් බවට පත් වීම ගුවන් විදුලි මාධ්‍ය ඉතිහාසයේ නොමැකෙන සංදිස්ථානය කි.

බි‍්‍රතාන්‍ය තුල ම නිපද වූ මෙම ගුවන් විදුලිය උදෙසා රාජ්‍ය අනුග‍්‍රය නම් නොලැබීම කණගාටුවට කරුණක් වූවද බි‍්‍රතාන්‍ය මෙම සමාගම උදෙසා සහය නොමද ව ලබා දෙන්නට විය.

          දිනෙන් දින තාක්ෂණයේ දියුණුව ලොව පුරා විසිරී පැතිරි යද්දි නොයෙක් උපකරණ මිනිසා විසින් සොයා ගන්නට විය. එසේ සොයාගත් තවත් සුවිශේෂි උපකරණයකි කුඩා ට‍්‍රාන්සිස්ටර් ක‍්‍රමය. මෙම ට‍්‍රාන්සිස්ටර් ක‍්‍රමය සොයා ගැනිම ගුවන් විදුලියේ ව්‍යාප්තියට සාර්ථකත්වයට බෙහෙවින්ම උපකාරි විය. මෙනිසා ලොව පුරා නිවසක් නිවසක් පාසා ගුවන් විදුලි මිලදී ගන්නා තත්ත්වයට පත්විය. මිනිසුන් සිඝ‍්‍රයෙන් ගුවන් විදුලිය වෙත ඇදී එන්නට විය. මිනිසාගේ එදිනෙදා කටයයුතුවලට සහය දෙන මෙම ගුවන් විදුලිය තොරතුරු සන්නිවේදන මාධ්‍යක් වශයෙන් මිනිසුන් අතර ඉතාමත් ම ජනප‍්‍රිය විය. එනිසාවෙන් ම අද වන විට මිනිසාට නැතිවම බැරි සන්නිවේදන මාධ්‍ය ගණයට ගුවන් විදුලිය පත්ව ඇත්තේය.


ලංකාවට රේඩියෝව  
                                                                          


ලොව පුරා විසිරි පැතිරි සිටි විවිධ වූ දක්ෂ පර්යේෂකයින්ගේ විවිධාකාර පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵලයන් හී අවසන් ප‍්‍රතිඵලය වූයේ ලෝකයට ගුවන් විදුලිට දායාද විමයි. එසේ ලෝකයට දායාද වූ ගුවන් විදුලිය ලාංකිය ජනී ජනයාට ද සවන් යොමු කරන්නට ඉඩ ප‍්‍රස්ථාවන් ලබා දිමට බොහෝ පාලකයින් උත්සහයන් ගෙන ඇති බැව් ඉතාහාසය විමසීමෙන් දැකගත හැකිය. ඒ අනුව පසුකාලින ව ලොව පුරා ගුවන් විදුලිය ව්‍යාප්තවිමේ ප‍්‍රතිඵලයක් වශයෙන් ලංකාවට ද ගුවන් විදුලිය හදුන්වා දෙන්නට විය බි‍්‍රතාන්‍ය ප‍්‍රථම නිත්‍ය ගුවන් විදුලි සේවයක් ආරම්භ වූ අතර ම 1922 දී ලංකාවට ද ඒ සමගාමී ව ගුවන් විදුලිය හදුන්වා දෙන ලදී. එය ද බොහෝ පර්යේෂණයන්ගේ ප‍්‍රතිඵලයක් වශයෙනි. 1922 වසරේදී ශ‍්‍රී ලංකාවේ මෙම ගුවන් විදුලිය සම්බන්ධයෙන් උනන්දුවක් ඇති කණ්ඩායමක් විසින් ”Ceylon Wireless” නම් වූ ආධුනිකයින්ගේ ගුවන් විදුලි සංගමයක් පිහිටුවනු ලැබීය. ගුවන් විදුලියක හැඩයත් පහසවත් නොදන්නා ලාංකිය ජනී ජනයාට මෙය හිසේ මලක් පිපූණා හා සමාන ය. එය ශ‍්‍රී ලංකා ගුවන් විදුලි තාක්ෂණ ඉතිහාසයේ සුවිශේෂි සංධිස්ථානයක් ලෙසින් දැකගත හැකිය.


පසුකාලින ව මෙම සංගමයේ නම ලංකා සහ දකුණු ඉන්දියාවේ රේඩියෝ  සංගමය යනුවෙන් වෙනස් කරන ලදී. ලංකාවට ගුවන් විදුලි සේවයක් ස්ථාපිත කිරිම වෙනුවෙන් මෙම සංගමය ගෙන ගිය උත්සහයන් අතිශය ප‍්‍රශංසා කටයුතු ය.

ලංකාවට ගුවන් විදුලිය හදුන්වාදිම යුගයේ සිදු වූ පෙරලිකාරතම කටයුත්ත වශයෙන් හදුනාගත හැකිය. පසුව මෙම ගුවන්  විදුලි කටයුතු පිළිබද ඉංජිනේරුවරයෙකුගේ සහය අතිශය වැදගත්ය. ඒ අනුව 1921 දී ජුලි 21 වනදා විදුලි සන්දේශ ඉංජිනේරු තනතුර භාරගැනිමට එඞ්වඞ් හාපර් මහතා පැමිණෙන්නේ ය. මෙතුමා ලාංකිය ගුවන් විදුලි සේවයේ නිර්මාතෘ වශයෙන් ඉතිහාසගත වී ඇත. මෙතුමාගෙන් ලංකා ගුවන් විදුලි සේවයට ඉතා වටිනා වූ සහයෝගයන් රාශියක් ලැබී ඇත. මෙතුමන්ගේ සහයෝගයෙන් 1922 ජුනි මාසයේ පිහිටුවන ලද ලංකා වයර්ලස් සමාජයත්, 1922 නොවැම්බර් මස 24 වනදා පිහිටවූ ලංකා ආධුනික ගුවන් විදුලි සමාජයත්, 1923 දී පිහිට වූ ලංකා ආධුනික ගුවන් විදුලි සමාජයත් බිහිකිරිම උදෙසා මෙතුමන් අනගිභවනිය සේවයක් ඉටු කරන්න වූයේ ය.

මෙහිදී ලංකවේ ගුවන් විදුලි සේවය ආරම්භ කරන්නට හා විකාශනය උදෙසා කටයුතු මෙතුමන් සූදානම් කරන්නට විය. 1922 නොවැම්බර් 24 වනදාත් 1924 මැයි 24 දාත් පත් කළ විශේෂ කමිටු දෙකකට අනුව ගුවන් විදුලිය මෙරට ආරම්භ කිරිමට ක‍්‍රියාමාර්ග ගැණුනි. ගුවන් විදුලි උපදේශන මණ්ඩලයක් පත් කිරිමේ ක‍්‍රමවේදය තුල ඒ පිළිබද සොයා බැලූණි.

ලාංකිය ජනී ජනයා මෙම ගුවන් විදුලි සේවයේ ආරම්භය ඉතාමත් අපේක්ෂාවෙන් සිටියහ. මෙහි මුල්ම වැඩසටහන කිනම් දිනයක කිනම් මොහොතකදී අපගේ සවනට ලගා වන්නේ දැයි අසීමාන්විත කෘතුහලයකින් යුතුව බලා ගෙන සිටියේය. ඒ අනුව ලංකාවේ ප‍්‍රථමයෙන්ම හදුන්වා දෙනු ලැබූ ගුවන් විදුලියෙන් ප‍්‍රථම කතාව අසන්නට, ප‍්‍රථම වැඩසටහනට සවන් දෙන්නට ජනතාව එක් රැස් වූයේ ය. ඒ අනුව ලාංකිය ගුවන් විදුලි ඉතිහාසයට නවමු දිනයක් එක් කරමින් සර් විලියම් හෙන්ඩ‍්‍රි මැනිං ආණ්ඩුකාරවරයාගේ කතාවක් ගුවන් විදුලියෙන් විසුරුවා හැර ඇත්තේ ලාංකිය ගුවන් විදුලියේ ප‍්‍රථම කතාව වශයෙනි. මෙයට සමගාමීව ම ප‍්‍රථම වරට බි‍්‍රතාන්‍ය අධිරාජ්‍යක යටත් විජිත රාජයක ගුවන් විදුලි සේවයක් ස්ථාපිත කළ ප‍්‍රථම රට වන්නේ ද ලංකාව යි.

ඉන් පසු 1925 ජුලි මාසයේ කොළඹ රාජකීය විද්‍යාලයේ ගුවන් විදුලි සේවයක් ආරම්භ කිරිම ද තවත්   සුවිශේෂි වූ සිදුවිම කි. ඒ තුල ජනතාවගේ ආශාව, උනන්දුව, කැමැත්ත තව තවත් දියුණු වන්නට විය. එය මිනිසුන් අතිශය ප‍්‍රබෝධමත් කරන්නට වූයේ ය. මෙසේ අලූත් ගුවන් විදුලිය කෙරෙහි මිනිසුන්ගේ උනන්දුව වැඩිවත් ම ඒ තුලින් ඵලදායි සේවයක් ඔවුන් කරා ලගාකර දිම උදෙසා ගුවන් විදුලි සේවයක් ආරම්භ කිරිමට යෝජනා ගෙන එන ලදී. රජය විසින් ඒ උදෙසා පත් කළ නිර්දේශයන්ගේ තීරණවලට අනුව ඔවුන් යෝජනා කරන්නට වූයේ රජය යටතේ ගුවන් විදුලි සේවයක් අරඹා පවත්වාගෙන යා යුතු බව යි. මෙම කොමිසමේ සභාපතිවරයා වූයේ තැපැල් සේවාධිපතිවරයා යි.

කෙසේ නමුත් පසුකාලිනව ලංකාවේ ගුවන් විදුලි විකාශනයේ දියුණුව උන්නතිය උදෙසා විදෙස් රටවල සහයෝගය වැඩි වැඩි වශයෙන් ලැබෙන්ට විය. ඒ අනුව නව ගුවන් විදුලි උපකරණ එංගලන්තයෙන් ලැබුණු පසු කිලෝවොට් 01ක ධාරිතාවයකින් යුතු සම්පේ‍්‍රෂණාගාරයක් සහිතව නව ගුවන් විදුලි සේවය 1925 දෙසැම්බර් 16 වන දින ශ‍්‍රීමත් හියුක්ලිෆර්ඞ් ආණ්ඩුකාරවරයා විසින් විවෘත කරන ලදී.

ගුවන් විදුලි වැඩසටහන් එසේ ඇරඹුණු කල්හි නොයෙක් ආකෘතීන්ගෙන් යුතු සුන්දර වැඩසටහන් මෙම ගුවන් විදුලි නාලිකා ඔස්සේ ජනතාවට ශ‍්‍රවණය කරන්නට හැකියාව උදාවිය. මුලින් ම සිංහල කාතාවක් මෙම ගුවන් විදුලිය තුල විකාශනය වී ඇත්තේ 1928 පෙබරවාරි 28 වන දා යි. ලාංකිය තරුණයා යන්නෙන් පණ්ඩිත පී. ටී. ගුණවර්ධන මහතා විසින් කළ කතාව එම මුල් ම වැඩසටහන වූයේ ය. ඒ කාලය තුලදී විවිධකාර මාධ්‍යයන්ගේ වැඩසටහන් ආකෘති ඉදිරිපත් වූ අතර ජනතාවට බොහෝමයක් දේ දෙන්නට ගුවන් විදුලිය උත්සහ ගෙන ඇත. එකිනෙකට වෙනස් වූ වැඩසටහන් මගින් ජනතාව පිනවන්නට මෙන්ම ඔවුන් දැනුමින් සන්නද්ධ කිරිමට මෙකල වැඩසටහන් නිර්මාණය විය. ධර්ම දේශනා වැඩසටහන් ද ගුවන් විදුලිය තුල විකාශනය වන්නට විය. ඒ අනුව ගුවන් විදුලියේ ප‍්‍රථම ධර්ම දේශනය කරන ලද්දේ පැලෑනේ ශ‍්‍රී වජිරඥාන හිමියන් විසිනි. ඒ 1928 පෙබරවාරි 21 වන දින යි.

එසේ හදුන්වාදුන් ගුවන් විදුලිය 1939 වන විට සැලකිය යුතු මට්ටමකට දියුණුවිමක් සිදු වී ඇත. දිනකට එක් වතාවක් මණක් පුවත් කීම ඇරඹුනු අතර මේ යුගය වන විට එය දිනකට පස් හය වතාවක් දක්වා දියුණුවී තිබුණි. ගුවන් විදුලිය මෙම යුගය තුල දැඩි ලෙස විනයගරුක මාධ්‍ය ආචාර ධර්ම යන්ට ගරුකරමින් පවත්වාගෙන ගිය අතර එය ජනතාවගේ හිත සුව පිණිස ම කරන ලද කටයුත්තක් වූයේ ය. ඒ අනුව මෙම ගුවන් විදුලි සේවයත් එහි ක‍්‍රියාකලාපයත් පිළිබද සොයා බලන්නට නොයෙක් අවස්ථාවන්වලදී කමිටු පත් කරන ලදී. ඉන් එක් කමිටුවකි කේ. වෛද්‍යනාදන් කමිටුව. 1940 අපේ‍්‍රල් 28 වන දින ගුවන් විදුලියේ  කටයුතු පිළිබද සොයා බලන්නට මෙම වෛද්‍යනාදන් කොමිසම පත් කිරිම ඉතිහාසගත කටයුත්තකි. එය ලංකාවේ ප‍්‍රගතිය උදෙසා බෙහෙවින් ම බලපෑවේ ය.

මෙසේ ඉතා සාර්ථක අන්දමින් පවත්වාගෙන ගිය ලංකා ගුවන් විදුලි සේවය වෙනම ම රාජ්‍ය දෙපාර්තමේන්තුවක් බවට ස්ථාපිත කිරිම මෙරට ගුවන් විදුලි සේවයේ නොමැකෙනා සටහන කි.

එම යුගය පසු කිරිමෙන් අනතුරු ව එළඹි 1950 යුගය ද මෙරට ගුවන් විදුලිය ඉහල තලයකට රුගෙන ආ යුගයක් වශයෙන් හදුනාගත හැකි ය. බොහෝ දෙනා පිළිගන්නා මතය නම් 50 දශකයේ ලාංකිකය ගුවන් විදුලියේ ඉතිහාසය තීරණාමත්මක ගමනකට යොමු කළ යුගයක් වශයෙනි.

කලින් සදහන් කළාසේ ම ගුවන් විදුලිය උදෙසා විවිධ යුගවලදී එහි පැවැත්ම උදෙසා නොයෙක් ආකාරයේ කොමිෂන් සභා පත් කරන ලදී. ඒ කොමිසන් සභා අතර තවත් වැදගත් කොමිෂන් සභාවක් වශයෙන් 1953 අපේ‍්‍රල් මස 04 වන දින පත්කරන ලද රාජ්‍ය නීතිඥ එන්.ඊ වීරසූරිය කොමිසම හදුනාගත හැකි ය. මෙහි සභාපති වූයේ එන්.ඊ විරසූරිය මහතා ය. බොහෝ දුරට ගුවන් විදුලිය උදෙසා  රාජ්‍ය අනුග‍්‍රහය ලබා ගන්නට සහ ඒ අරමුණු කොට ගනිමින් මෙම කොමිසමේ නිර්දේශ සම්පාදනය කරන්නට විය. එය සාර්ථක වූ බවට එම යුගය දෙස හැරි බැලීමේදී හදුනාගත හැකිය.

50 දශකයෙන් පසුව එලඹෙන 60 දශකයේ ද සුළු කොට ගැනිය නොහැකි සුවිශේෂි යුගයක් වශයෙන් හදුනාගත හැකි වන්නේ ය. 1965 ජුලි 31 පත් කරන ලද හුළුගල්ල කොමිසම ඉදිරිපත් කළ ප‍්‍රධාන නිර්දේශයක් වශයෙන් 1966 අංක  37 දරණ ලංකා ගුවන් විදුලි ආඥා පනත පාර්ලිමේන්තුවේ සම්මත වන්නට විය. ඒ අනුව 1967 ජනවාරි 05 වන දින මෙම ලංකා ගුවන් විදුලි සංස්ථාව නිළ වශයෙන් ස්ථාපිත කරන ලදී. නවසීලන්ත ගුවන් විදුලි සංස්ථාවට අනුව මෙම ගුවන් විදුලි සංස්ථාව ගොඩනගන්නට විය.

ගුවන් විදුලියේ ආරම්භයේ පටන් දශක ගණනාවක අත්දැකිම්, නිපුනත්වය සහ සේවය හේතු කොට ගනිමින් ඉතාමත් ම සාර්ථක අන්දමින් ප‍්‍රබෝධයක් ලබන්ට ගුවන් විදුලියට හැකියාව ලැබුණි. එදා ඒ ලැබුණු පන්නරයෙන් නූතන ගුවන් විදුලිය මෙතරම් ප‍්‍රබෝධයක් ලබන්නට ඇතැයි බොහෝ දෙනාගේ මතය යි.

ලාංකිය ගුවන් විදුලියේ අනෙකුත් සංධිස්ථානයක් නම් 1970 ව දශකයේදී වී.ඞී විරසූරිය කොමිසම පත් කිරිම යි. වඩාත් ක‍්‍රියාකාරි පාලනයක් ලෙසින් ගුවන් විදුලිය ඵලදායි ලෙස යොදා ගැනිම පිළිබද යොජනා මෙම කොමිසම මගින් ඉදිරිපත් කරන ලදී. ගුවන් විදුලි සංස්ථාවේ කාර්යය හා බලතල සභාපති හා අධ්‍යක්ෂ ජනරාල් එකම තනතුරකට පත් කිරිමේ කටයුත්ත 1971 අපේ‍්‍රල් මස සිදු කරන ලදී. එම ප‍්‍රතිසංවිධානය 1971 සැප්්තැබ්මර් 01 වනදා සිට ක‍්‍රියාත්මක විය. එම යුගය අග භාගයේදී පාලනයේ වෙනස්කම් රාශියක් සිදු වූ අතර ම ගුවන් විදුලියේ සියළුම අංශ පිළිබද වාර්තා කරන්නට ඒකනායක නමින් කොමිසමක් පත් කරන ලදී. ඒ 1977  අගෝස්තු 05 වනදා යි. 1978 අපේ‍්‍රල් 29 වනදා එම කමිටු වාර්තාව නිකුත් කිරිමෙන්  අනතුරුව අභ්‍යන්තර වෙනස්කම් රැසක් සිදු කරන්නට විය.

ලාංකිය ගුවන් විදුල සේවයට බොහෝ සේවාවක් සිදු කළ 1970  දශකයේ  සිදු වූ තවත් සුවිශේෂි සිදුවිම නම් 1979 අපේ‍්‍රල් 12 වන දින ලංකාවේ පළමු ප‍්‍රාදේශිය ගුවන් විදුලිය ලෙසින් රජරට සේවය ආරම්භ වීම යි. මෙය ලංකා ගුවන් විදුලි ඉතිහාසය සුවිශේෂි සංධිස්ථානය කි. 1980 පෙබරවාරි 03 වන දින ප‍්‍රාදේශිය  සේවයක් වශයෙන් රුහුණු සේවය මාතරදී පිහිටුවනු ලැබී ය. මහවැලි ගුවන් විදුලි සේවය 1981 ඔක්තෝබර් 01 වන දින ආරම්භ කළ අතර ම ඉන් අනතුරු ව මහනුවර  සේවය ලෙස 1983 අපේ‍්‍රල් 13 වනදා තවත් ප‍්‍රාදේශිය සේවයක් ආරම්භ කරන ලදී. 1985 මැයි 31 වන දින ගිරාදුරුකෝට්ටේ ප‍්‍රජා ගුවන් විදුලි සේවය පිළිබද අත්හදාබැලීම් කළ අතර ම 1986 අපේ‍්‍රල් 11 වන දින එය නිළ වශයෙන් විකාශනය ආරම්භ කරන ලදී.  80 දශකයේ අවසන් වන විට 1981 නොවැම්බර් 03 වනදා City FM සේවය ආරම්භය සිදු විය. කෙසේ වුවත් බොහෝ ගුවන් විදුලි සේවයන් මෙම යුගය තුල බිහිවුව ද මෙම යුගයේ ගුවන් විදුලියේ අභ්‍යන්තර වෙනස්කම් හා ප‍්‍රතිසංවිධාන සිදු කරමින් වැදගත් හා දියුණු මට්ටමේ වැඩසටහන් තුල ගණාත්මක වර්ධනයක් මෙම යුගයේ වැඩසටහන්වල දැකගත හැකි විය.
යුග යුග පසුකරමින් ලාංකිය ගුවන් විදුලි සේවය 90 දශකයට ප‍්‍රවිශ්ෂ්ඨ වන්නේ ලාංකිය ගුවන් විදුලි ඉතිහාසය ම පෙරලියක් සිදු කරමින් නූතන යුගයේ පෙරලිකාර රේඩියෝවට මුල්ගල තබන ලද යුගය ලෙසින් විරුදැවලිය ලබන්නේ 90 දශකයේ ගුවන් විදුලි තුල වූ ප‍්‍රවනතාවන් නිසාවෙනි. ඒ අනුව මෙතෙක් පැවැතගෙන ආ සම්ප‍්‍රදායන් සම්පූර්ණයෙන් ම වෙනස්කම් රාශියකට බදුන් කරන්නට වූයේ 90 දශකයේදී ය. 90 දශකයේ ආරම්භයේදී රාජ්‍ය අංශයට පමණක් උරුම වූ ගුවන් විදුලිය පෞද්ගලික අංශයට ද පවරා දෙන්නට කටයුතු කරන ලදී.

FM 99 ලෙසින් නව ගුවන් විදුලි සේවයක් ඇරඹීම මෙම ගුවන් විදුලියේ පෞද්ගලික නාලිකාවන් හී ඇරඹුම සනිහිටුවන් කරන ලද වුව ද එහි පුළුල් ව්‍යාප්තියක් හදුනාගත නොහැකි විය. ඒ ස්වභාවයෙන් ම 90 දශකයේ මුල් යුගයේ ගුවන් විදුලි ඉතිහාසයේ සිදු වූ මෙම පෙරලිය ලාංකිය ගුවන් විදුලිය ම ආන්දොලනාත්මක වශයෙන් ජනතාව අතරට ලෙන යන ලදී. එසේ වූ පෙරලිය වත්මන් ගුවන් විදුලියේ සිදු වී ඇති ප‍්‍රවනතාවන්ගේ මුල් ආරම්භය යි. නොයෙක් වූ ආකාරයන්ගේ වෙනස්කම් වලට ලක්වෙමින් නූතන යුගය දක්වා ගුවන් විදුලිය අතිශය සාර්ථක ගමනක් පැමිණ ඇති බව හදුනාගත හැකි ය.

                             




No comments:

Post a Comment