Monday, July 30, 2018

ලංකාව වෙනුවෙන් ඒ දේ මම කරනවා



ඔහු දක්ෂයෙක්. සැබෑ දක්ෂයෙක්. උන්මාදයක් මෙන් රසිකයන් ඔහුට ආදරය කරන්නේ ඒ දක්ෂතාවය නිසාවෙන්ම යි. පියාගේ ආබාසයේ ආලෝකය ඔහුගේ ගායනයට මෙතරම් ආකර්ශනීය බවක් ගෙන දී ඇති සේය. කෙදිනක හෝ ඔහු ජාත්‍යන්තරය ජයගන්නවා. ඒ නිමිති දැනටමත් ඔහු පෙන්වා අවසන්. සුවහසක් ලාංකීය රසිකයන්ගේ පැතුමත් එයමයි. ඒ වෙන කවුරුවත් නෙවෙයි. 
සනුක වික‍්‍රමසිංහ...
   
සනුක, චාඕ මල්ලිට ප‍්‍රතිචාර කොහොමද ?

ප‍්‍රතිචාර ඉතා ඉහළයි. දැනටමත් මම ඒ සිංදුව ප‍්‍රසංගවල කියද්දි රසිකයන් මාත් එක්ක කියනවා. හොඳ ප‍්‍රතිචාර තියනවා.

කොහොමද චාඕ මල්ලී ගීතය ගොඩනැගෙන්නේ ?

මුලින්ම ඒකෙ මම හැදුවෙ තනුව. පස්සෙ ඒක මනුරංග අයියට අහන්න දුන්නම ඔහු කිව්වෙ මෙහෙම දෙයක් කරමු කියලා. එහෙම ටෙස්ට් කරලා බලන්න කරපු දෙයක් තමයි චා ඕ මල්ලි ගීතය.
  
මේ දවස්වල මොකද කරන්නේ ?

මේ දවස්වලනන් ටිකක් වැඩ. චාඕ මල්ලි වීඩියෝ එකේ වැඩ කටයුතු කරගෙන යනවා. ඒ වගේම අලූත් ටෙලි නාට්‍යයක සංගීතය අධ්‍යක්ෂණය කරනවා. ඒ ගැන වැඩි විස්තර පස්සෙ කියමු.

ඔබේ මුල් කාලීන ගීත අතිශයින් ජනප‍්‍රිය වුණා. හිතනවද චාඕ මල්ලිට තියෙන ප‍්‍රතිචාරත් ඒ හා සමානයි කියලා ?

ඇත්තෙන්ම ඔව්. ඒ හා සමානවම ප‍්‍රතිචාර ලැබෙනවා. සරාගයේ සිංදුව දාලා දැනට අවුරුදු දෙකක්. ඒ කාලේ හැටියට ඒ ප‍්‍රතිචාර ප‍්‍රමාණය ඉතා ඉහලයි. ඒ වගේම තමයි මේ කාලේ හැටියට චා ඕ මල්ලිට තියෙන ප‍්‍රතිචාරත් ඉතා ඉහළයි. මේ මොහොතෙදි බලද්දි අහසට පොළව වගේ දැණුනට ප‍්‍රතිචාර ගොඩක් ලැබෙනවා.

කෙනෙක් කිව්වොත් සනුකගෙ ජනප‍්‍රියත්වය වෙනදට වඩා දැන් අඩුවෙලා කියලා ?

ඒක මම නෙවෙයි තීරණය කරන්නේ. ඒක මිනිස්සු තීරණය කරන දෙයක්. මම සාමාන්‍යයෙන් එළියට යනවා අඩුයි. හැබැයි පොදු ස්ථාන වලට ගියපු වෙලාවට රසිකයො ඇවිත් කතාකරනවා. සෙල්ෆි ගන්නවා. ඒකෙ ඉතිං අඩුවක් නෑ. වෙනදා වගේම ප‍්‍රතිචාර එහෙමම මට දැනෙනවා.

සනුක, ළහිරු, මනුරංග තුන්දෙනා එකතුවෙලා වැඩක් කරන්න අදහසක් නැද්ද තාම ?

අනිවාර්යෙන්ම, එහෙම වැඩ කිහිපයක් දැනට කතාකරගෙන තියනවා සහ දැනට ඒවා සාකච්ඡුා මට්ටමේ තියනවා. ඉදිරියේදි ඒ වගේ වෙනස්ම වැඩක් බලාගන්න පුළුවන්.

තාත්තත් එක්ක ප‍්‍රසංගයක් හෝ යුග ගීයක් ගයන්න අදහසක් නැද්ද ?

ඇත්තෙන්ම ඒකත් ඉතාම හොඳ අදහසක්. ඒ දේ කරන්නත්  ඕන. ඊට කලින් මගේ හිතේ අදහස තියෙන්නේ මට මගේම කියලා ගීත ටිකක් එකතු කරගන්න  ඕන කියන එක. මටත් ආසයි ඒක පුද්ගල ප‍්‍රසංගයකුත් කරන්න. මම තාම සිංදු ටිකක් එකතුකරගන්න ගමන් තමයි ඉන්නේ. කරන්න පුලූවන් කාලේ ආවම කරන්න බලාපොරොත්තුවක් තියෙනවා.



ඔබේ පියා සංගීත් වික‍්‍රමසිංහ. ඔහුගේ අලූත් ගීයක් රසිකයන්ට දායාද කරන්න ඔබගේ සහයෝගය ඉල්ලූවොත් ?

ඔව් තාත්තා කාලෙකින් ගීතයක් ගයානා කළේ නැහැ. සඳ මුවාවෙලා, සරායා වගේ එයාගෙ සිංදු කරාට පස්සෙ එයා ටික ටික ගීත ගායනයට වඩා සංගීත අධ්‍යක්ෂණයට නැඹුරුවෙලා තියනවා. ඒකෙ අදහස තමයි එයා වැඩියම කැමති සංගීත අධ්‍යක්ෂණයට සහ වාදනයට කියන එක. එයා ගීත ගායනයට නැවතත් කැමති වුණොත් එහෙම අනිවාර්යෙන් මගේ උදව් තාත්තට තියෙනවා. 

දෙදෙනත් එක්ක යුග ගීයක් ගයන්න අදහසක් නැද්ද ?

ඇත්තටම හොද අදහසක් ඒක. බලමු ඉදිරියට. 
                         
ලාංකීය ගැමි නාද රටා ඇසුරු කරගෙන ගීතයක් ඉදිරියේදි අපට බලාපොරොත්තුවෙන්න පුලූවන්ද ?

ඔව් අනිවාර්යෙන්ම තියෙනවා. දැනට මම කරල තියෙන ගීත හැම එකක්ම වගේ එකකට එකක් වෙනස් ගීත. ඒක අහන අයට සමහරවිට තේරිලත් ඇති. මම ගොඩක් වෙලාවට උත්සාහ කරනවා විවිධ සංස්කෘතීන් අරගෙන සිංදු හදන්න. සරාගයේ, පෙරවදනක්, සංසාර සිහිනයේ වගේ හැම එකකම ඒ වෙනස තියනවා. ඉදිරියේදි ලාංකීය ගැමි නාද රටා ආශ‍්‍රය කරගෙන ගීත කිහිපයක් කරලා තියනවා සහ ඉදිරියේදි ඒවා අහන්න පුලූවන්.

ජාත්‍යන්තරයට ඔබේ හැකියාව රැගෙන යන්න පුළුවන්වෙයි කියලා හිතනවද ?

ඒක තමයි මගේ ලොකුම බලාපොරොත්තුව. ලංකාව වෙනුවෙන් ඒ දේ මම ඉදිරියේදි කරනවා. කවදක හරි දවසක ඒ දේ ඔබට දැකගන්න පුලූවන්.



                                                                                               
                                                                                                                               


No comments:

Post a Comment