Monday, June 4, 2018

මැරෙන වෙලාවට සතුටුවෙන්න පුලූවන් තරමට මම පින් කරල තියනවා

          

     ඔබව අතහැර යන දේට සිනාසී නිහඬව සමු දෙන්න. එවිට ජීවිතය ඔබව බොහෝ සොඳුරු තැන්  තිළිණ කරාවි මේ ඔහුගේ මුහුණු පොතේ තිබුණු සටහනක්. 




තම ජීවිතයේ සුන්දරම දවස ඔහු අතින් හැඩවීම බොහෝ යුවතියන්ගේ හීනයක්. මේ දිනවල සෑම කෙනෙක්ගෙම කතාබහෙ වැඩි කොටසක් මොහු වෙනුවෙන් වෙන් වන්නේ ඔහුගේ උපන් දින සාදය රාජකීය ලීලාවෙන් පැවැත්වුණු නිසා. දින තුන්සිය හැටපස් දවසෙන් එක දිනයක් ඔහු සැමට මතක දිනයක් බවට පත්කළේ එලෙසින්. සාදය අවසන් වුවත් ඒ ගැන වන කතාබහේ නම් අඩුවක් නැහැ. රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ අංක එක ඔහු වෙනුවෙන් වෙන් වුණේ මීට වසර කිහිපයකට කලින්.  ඒ තේජස තවමත් ඔහු සතු කරගෙන සිටින්නට තරම් ඔහු වාසනාවන්තයි. ඒ හේතුවම මෙකී සාදයකට මෙතරම් නේත‍්‍රාකර්ෂණීය බවක් ගෙන්නෙන්නට හේතු වන්නට ඇති. රූපලාවන්‍ය ක්ෂේත‍්‍රයේ අංක එක, චන්දිමාල් ජයසිංහ ... මේ ඔහුගේ කතාව 


කොහොමද උපන්දින සාදය හිතපු විදියටම කරගන්න පුලූවන් වුණාද ?

ඔව් අනිවාර්යෙන්ම. මං හිතුවටත් වඩා හොඳට ඒ දේ මට සාර්ථකව කරගන්න පුලූවන් වුණා. පාර්ටි එක කරන්න පටන්ගත්ත දවසෙ ඉඳලම මාධ්‍ය වලින් පුදුම සහයෝගයක් ලැබුණේ. මේ වෙනකොට පාර්ටි එක ඉවරවෙලා මම ගෙදර හිටියත් දැනටත් කට්ටිය ඒ දේ සමරනවා. කතාබහ වෙනවා. ගොඩක් සතුටුයි.

ඇයි ඔබ උපන් දිනය වෙනුවෙන් මේ වගේ දෙයක් කරන්නෙ ?

ජීවිතේ හැම කෙනෙක්ටම සතුටුවෙන්න දවසක් තියෙන්න  ඕන. හැම කෙනාම කැමතියි ලස්සනට ජීවත්වෙන්න සහ ජීවිතේ එක දවසක් හරි සතුටින් ඉන්න. මගේ විවාහ උත්සවය මේ වෙනකන් පැවැත්වෙලා නැහැ. ඒ වෙනකන් මට ගන්න තියෙන එකම  උත්සවය මේක. මගේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක ගොඩක් දේවල් මට මගහැරෙනවා. මම කල්පනා කරලා මේ දේ කරන්නේ ඒ හැමෝම එකතැනකට ගෙනැල්ලා ඒ හැමෝටම සලකලා ඔවුන්ට කෘතගුණ සැලකීමක් විදියට තමයි මම මේ දේ කරන්නේ. මං කා එක්කවත් තරහ නැහැ. මොකද මේක මගේ සතුට. ඒ අහිංසක සතුටට මොනවත් කියන්න එපා කියලයි මං ඉල්ලන්නේ.
     
බොහෝදෙනා මේ සාදය මේ වෙනකොට විවේචනය කරනවා. කලකිරීමෙන්ද ඉන්නෙ ඒ ගැන ?

නැහැ කිසිම කලකිරීමක් නැහැ. මම විශ්වාස කරන එකම දේ බනින හැම කෙනාම බනින්නෙ ඒ පුද්ගලයා ගැන දන්නෙ නැති අය. බනින අය වගේම හොඳ කියන අය ඉන්නවා. විවේචනය කියන දේ  ඕනම තැනක තියන දෙයක්. මේක ප‍්‍රජාතන්ත‍්‍රවාදී රටක්. ඒ දේ ඒ අයට භාරයි. ඒ දේවල් තව දුරටත් කරගෙන යනවද නැද්ද කියන එක ඒ අයට භාරදීලා මං මගේ පාඩුවෙ වැඩ ටික කරගෙන ඉන්නවා.

බොහෝ දෙනෙකුට තිබෙන ප‍්‍රශ්නෙ තමයි ඔබට මේ තරම් සල්ලි කොයින්ද කියන එක ?

මම දවස් තුන්සිය හැටපස් දවසෙන් දවස් හැටපහක් නිදාගෙන මුලූ දවස් තුන්සීයම වැඩකරන කෙනෙක්. දුක් මහන්සිවෙලා හම්බකරන කෙනෙක්. 

ගොසිප්කරුවන් ඔබේ සවියේ වියදම් ගැන කියනවා. ඇත්තද වියදම කෝටි දෙක හමාරක් කියන්නේ ?

පාර්ටි එකට හදපු බජට් එක මම හදපු බජට් එකක් නෙවෙයි. ඒක ඔය සමාජ ජාලා වෙබ් අඩවිකරුවන් හදාගත්ත දෙයක්. ඔවුන් විවිධ ගණන් කියල තියනවා. කෝටි හතරක් පහක් කියලා. කමක් නෑ කැමති බජට් එකක් දාගන්න. මම දන්නවා මම කොහොමද වියදම් කළේ කියලා. ඒ හැමදෙයක්ම මගේ ළඟ තියනවා. විශේෂයෙන් කියන්න  ඕන ක්ෂේත‍්‍රයේ ඉන්න කෙනෙක් විදියට මට දෙන්න පුලූවන් උපරිම සහයෝගය ඔවුන් මට ලබාදුන්නා. මොකද මේ වගේ දෙයක් මට තනියම කරන්න බෑ.සහෝදරයො වගේ මට ඔවුන් උදව් කළා. මම කළේ හොටෙල් එක බුක් කරපු එකත් තව වැඩ කිහිපයකුත් පමණයි. අනෙක් හැම දෙයක්ම මට මගේ සහෝදර ශිල්පීන්ගෙන් තෑගි වශයෙන් ලබාදීපු දේවල්. මේකට මෙච්චර මෙච්චර ගියා කියන්නෙ ඒ ගොල්ලො හදාගෙන.

දළ වශයෙන් වියදම ගැන සඳහනක් කරන්න කැමතිද ?

මං හිතනවා මං එහෙම උත්තර දෙන්න  ඕන නැහැ. මොකද ඒක මම වියදම් කරපු දෙයක්. 

ත්‍යාග වෙනුවෙන් මේ තරම් වියදමක් කරන්න හේතුව ?

මම කවදාකවත් කාගෙන්වත් කිසිම දෙයක් බලාපොරොත්තුවෙන කෙනෙක් නෙවෙයි. මගේ දෙමාපියන්ගෙන්වත් කිසිම දෙයක් අරගෙන මම මෙතනට ආවෙ නැහැ. මගේ සතුට සහ මගේ ක්ෂේත‍්‍රයේ අය වෙනුවෙන් දෙයක් කරන්න  ඕන වුණා. ඒ සතුට වෙනුවෙන් මම ඒ දේ කළා. ඒත් මීටත් වඩා වියදම් කරපු දේශපාලනඥයින්ගෙ දරුවන්ගෙ විවාහ උත්සව අනන්තවත් ලංකාවෙ තිබුණා. ඒවට කෝටි ගණන් වියදම් කළත් කවුරුවත් කතාකළේ නැහැ. අම්මගෙන් තාත්තගෙන් නැතුව මේ රටේ දරුවෙක් විදියට තනියම, කිසිම කෙනෙක්ට බරක් නොවී ඇවිල්ල මෙහෙම දෙයක් කරාම මිනිස්සු මෙහෙම කියද්දි පොඩි දුකක් තියනවා. කවදාවත් හිතුවෙ නෑ එක රැුයකින් එහෙම ජනප‍්‍රියවෙන්න. කොහොම වුණත් චන්දිමාල් ජයසිංහ කියන්නෙ කවුද කියල දැනගත්ත දවසට ඔය හැමදේම නතර වෙයි.

මේ වියදම් කරපු මුදලෙන් නැති බැරි මනුස්සයෙක්ට උදව්වක් කළා නම් හොඳ නැද්ද ?

ඔව් ඒක මමත් පිළිගන්නවා. හැබැයි මට කවදාවත්  ඕන වුණේ නැහැ මිනිස්සුන්ගෙ දුක විකුණගෙන කාලා සමාජෙ ඉස්සරහ පොරක් වෙන්න. පාර්ටි එකක් දාලා පොරක් වෙන්න  ඕන වුණෙත් නැහැ. ඒක මේ සමාජය විසින් හදපු දෙයක්. මම  ඕන තරම් පින් දහම් කරලා තියනවා අහ කරනවා. මං හිතන්නෙන් නැහැ කිසිම රූපලාවන්‍යය ශිල්පියෙක් මං තරම් පිං දහම් කරනව කියලා. ඒක මගේ අම්මා දන්නවා. ඒක මගේ සතුට වෙනුවෙන් කරනවා මිසක් ලෝකෙට පේන්න මම පින් දහම් කරන්නෙ නැහැ. මැරෙන වෙලාවට සතුටුවෙන්න පුලූවන් තරමට මම පින කරල තියනවා සහ කරනවා.

මේතරම් ආපදා තත්වයක් රටේ තියෙද්දි ඒ වෙනුවෙන් යමක් කරා නම් කියල හිතුණේ නැද්ද ?

ගිය පාරත් මේ දේම වුණා. ඒකට මට කරන්න දෙයක් නැහැ. ඒක ස්වභාවධර්මය. ඒ හේ මටත් හිතුණා. මට ඔවුන් වෙනුවෙන් කරන්න පුලූවන් දේ පෞද්ගලිකව කරනවා ඇරෙන්න සෙල්ෆි ගහල ජනප‍්‍රියවෙන පහත් මානසිකත්වයක් මට නැහැ. ඔවුන් වෙනුවෙන් ඒ කරන්න තියන දේවල් ඔක්කොම කරල තමයි මේ පාර්ටි එක මම කළේ.

නළු නිළියන්ගෙ ඇදුම් වලට වියදම් කළේ ඔබ කියලයි කියන්නෙ. ඇත්තද ඒ කතාව ?

නැහැ ඒක අමූලික බොරුවක්. කලාකරුවො එහෙම තත්ත්වයක නැහැ. ඔවුන් මේ රටේ වැදගත් විදියට ජීවත්වෙන මිනිස්සු. ඔවුන්ට තියෙනවා යම්කිසි වටිනාකමක්. ඔවුන් කැමතියි ලස්සනට ඉන්න. එදා දවසෙ ඔවුන්ට පුලූවන් විදියට ලස්සනට පැමිණියා. ඒ ලස්සන දැකපු අය වෙන්න ඇති මෙහෙම කියන්නෙ.
   




                                      







සමාජය තුළ කතාබහට ලක්වෙන්න හිතාගෙන නේද උපන්දිනේට ඔබ මෙහෙම දෙයක් කරන්නේ ?

නැහැ මට ඔය වෙද්දිත් ඔය හැමදේම ලැබිලා තිබුණා. මම කවදාවත් ටී වී එකකවත් ගිහින් කතාකරන, ඇඞ් දාන කෙනෙක් නෙවෙයි. මම නිශ්ශබ්දව පාඩුවෙ වැඩකරන කෙනෙක්. ජනප‍්‍රියත්වයක් ලැබුණ නම් ලැබුණේ නළු නිළියන්ගෙ විවාහ මංගලෝත්සවයන්  හැඩගැන්වීම තුළින්. තුන් හිතකවත් එහෙම බලාපොරොත්තුවක් තිබුණෙ නැහැ. එක දවසෙන් මෙහෙම ජනප‍්‍රිය වීම ගැන සතුටුයි. 

සාදයට පැමිණි බොහෝ නිළියන්ගෙ ඇඳුම් ගැන අද ලොකු විවේචනයන් තියනවා ?

ඒ අයටත් පෞද්ගලිකත්වයක් තියනවා. ඔවුන්ට පාටියකට ඇවිත් සතුටුවෙන්න අවස්ථාව තියෙන්න  ඕන. ඒක ඒ අයගෙ කැමැත්ත. ඒ අය ආවෙ මගේ පාටි එක ලස්සන කරන්න. ඒත් දුකයි ඒ අයවත් අද විවේචනය වෙනවා.

                                               




මේ වැඬේ මෝඩ වැඩක් කියලා හිතෙන්නෙ නැද්ද ?

ඒක  ඕන කෙනෙක්ට අයිති දෙයක්. සමහරු ඒ විදියට දකිනවා. සමහරු හොඳ විදියට දකිනවා. මගේ ජීවිතෙ මටත් සතුටුවෙන්න අයිතියක් තියනවා. ඒක මම වි`දින්න  ඕන. අපි මැරෙනකොට මේව අරගෙන යන්නෙ නැහැ. මාව විවේචනය කරන බොහෝ අය හිඟන්නෙකුටවත් රුපියලක් දෙන්නෙ නැති අය. 

ආරාධනා නොකළ බොහෝ දෙනෙකුගේ හිත රිදිලා තියනවා ?

ඔව් ඒක මම දන්නවා. මට හයසීයකට විතරයි හැකියාව තිබුණේ ආරාධනා කරන්න.සල්ලි දීලා ආරාධනා පත‍්‍ර ඉල්ලපු අය හිටියා. රුපියල් 25000ටත් මගේ ආරාධනා පත‍්‍ර ඉල්ලූවා පාටි එකට එන්න. ඒ බනින අයගෙන් ගොඩක් අය මට ආරාධනා කරන්න බැරුවුණ අය. ඕනම දේක සීමාවක් තියනවා. ඊක ඉතිං ලංකාවෙ හැටි. 

ලබන වසරෙත් වෙනස්ම දෙයක් කරන්න හිතගෙනද ඉන්නෙ ?

ඔව් අනිවාරෙන්ම. මං දෙයක් කරන්න හිතුවොත් කරනවාම තමයි. මේ වසරෙ 600 යි පුළුවන් වුණේ. ලබන වසරෙ 1000 එක්ක වැඬේ කරනවා. ඊළඟ වසරේ සාම්ප‍්‍රදායික ලාංකික තේමාවක් යටතේ ලස්සනම දේවල් පෙන්නන වෙනස්ම දෙයක් කරන්න හිතාගෙන ඉන්නවා. ලංකාවෙ ඇඳුම පැළ`දුම කියන්නෙ මොකද්ද කියල ලබන අවුරුද්දෙ බලාගන්න පුලූවන්. 

විවාහ උත්සවත් මේ වගේම වෙයිද

අනිවාරෙන් ඒ වැඬේට ආවම බලමු මොකද කරන්නෙ කියලා. නිදහසේ ඉන්නව තාම.  ඕන වෙලාවක විවාහවෙන්න පුලූවන්. ඒත් විවාහය කියන්නෙ සෙල්ල්මක් නෙවෙයි. තව ටිකක් නිදහසේ ඉඳල බලමු.       
                                                                                                          

ප‍්‍රසංග මාභරණ

  
      
          


No comments:

Post a Comment