Wednesday, July 25, 2018

නිර්මාණකරුවන් අන්තර් සංස්කෘතිය නිර්මාණවලට යොදාගත් අයුරු




සංස්කෘතිය ... ?

හුදෙකලාව තනිකම තම උරුමය කරගත් අතීතයේ විසූ පුරාණ මානවයා ක‍්‍රම ක‍්‍රමයෙන් එකිනෙකා හා සන්නිවේදනය කර ගනිමින් සාමූහික කණ්ඩායම් ලෙස කටයුතු කිරීමට ආරම්භ කළ දා පටන් මානව සංස්කෘතිය පදනම වැටුණි. හැඩි දැඩි සිරුරකින් යුතු ශක්තිවන්තයා නායකයා කරගනිමින් ස්වභාවධර්මයාගේ විවිධ සිදුවීම් කිසියම් අදෘශ්‍යමාන බලවේගයන් විසින් මෙහෙයවන බවට ඇති කර ගත් බිය හේතුකොටගෙන සාමූහිකව කටයුතු කිරීමට පෙළඹුණහ. සංස්කෘතිය එක සේ නොවෙනස්ව සදාකාලිකව ම  නොපවතින්නකි. එය දිනෙන් දින මොහොතින් මොහොත වෙනස් වන්නකි. සංස්කෘතියක් තුළ ඇති ගුණයන් පහව යන මොහොතේ දී ම තවත් ගුණයන් හටගැනීම සිදුවේ.




සංස්කෘතිය යනු ජනයා සතු කලා ශිල්ප සමූහය යෑයි ඇතැම් පුද්ගලයන් විග‍්‍රහ කරන අතර ඇතැමුන්ගේ ප‍්‍රකාශ වන්නේ ජනතාව සතු සාරධර්ම සිරිත් විරිත් ආචාරධර්ම ආදිය සංස්කෘතිය බවයි ජන කොටසක් තවත් ජනතා කොටසක් එක් වීමෙන් පෙර ජනතා කොටස තුළ යම් වෙනසක් නිතැතින් ම සිදු වේ. එසේ හෙයින් සංස්කෘතිය හෝ සංස්කෘතික ලක්ෂණ එක තැන නොරැුඳෙ යි. කෙසේ නමුත් විවිධ නිර්වචකයින් විවිධාකාරයෙන්  සංස්කෘතිය නිර්වචනය කර ඇති අතර ම මේ අයුරින් ඒවා සාකච්ඡුා කළ හැකිය.

සංකේත අනුසාරයෙන් සමාජීය වශයෙන් හිමිකරගන්නා වුව ද පාරම්පරික වශයෙන් ලබා ගන්නා වූ ද සියලූ ම චර්යා රටාවන් ට විය හැකි සාමූහික නාමය සංස්කෘතිය යි.
 (මැලිනොව්ස්කි) 
සමාජ සත්ත්වයකු ලෙස මිනිසා විසින් අත්පත් කරගන්නා දැනුම, විශ්වාස, ශිල්ප ක‍්‍රම, සදාචාර, නීතිය, චාරිත‍්‍ර සහ වෙනත්  ඕනෑම හැකියාවක් හා පුරුදු ඇතුළත් වන සංකීර්ණ සමස්තය සංස්කෘතිය යි. 
 (එඞ්වඞ් බී ටයිලර්)

සංස්කෘතිය වනාහි අප සමාජයේ විසීමෙන් ලබන කාටත් පොදු වූ නිතර භාවිතා කරන අනාගත පරම්පරාවන්ට භාරදෙන හැසිරීම මෝස්තර පිටුපසින් ඇති අදහස් සමූහය කි.  
  (රේමන්ඞ් පර්ත්) 

යනුවෙන් සඳහන් කරන ලද නිර්වචනයන්ට අනුකූලව සංස්කෘතිය යනු කුමක්ද යන්න සලකා බැලීමේදී මේ අයුරින් පොදු නිර්වචනයකට ප‍්‍රවේශයක් ලබාගත හැකිය.
සංස්කෘතිය යනු කිසියම් නිශ්චිත අවස්ථාවක දී මිනිසුන්ගේ චර්යාවන් සඳහා මාර්ගෝපදේශකත්වය සැපයීමට සමත් ඓතිහාසික වශයෙන් ගොඩ නැගී ඇති සියලූ ජීවන රටාවන් සංස්කෘතිය ලෙස හැඳින්විය හැකි ය. 
යනාදී වශයෙන් සංස්කෘතිය සැබෑ හැඩහුරුව නිර්වචනයන් ඔස්සේ හඳුනාගත හැකිය.

සංස්කෘතිය ප‍්‍රධාන අංගය වන්නේ භෞතික සංස්කෘතිය සහ අභෞතික සංස්කෘතිය යි. අපගේ ඇසට පෙනෙන, අතට හසුවන ලෙස වෘක්ෂලතා, වැව් අමුණු වෙහෙර විහාර සියල්ල භෞතික සංස්කෘතියට ගැනේ. ඇසට නොපෙනෙන අතට හසු නොවන, ඇදහිලි, විශ්වාස, සම්ප‍්‍රදායන්, චාරිත‍්‍ර වාරිත‍්‍ර ආදි සංකල්ප සියල්ල අභෞතික සංස්කෘතිය යි. නිර්මාණ බිහි වීමේදී ද මෙම භෞතික සංස්කෘතිය හා අභෞතික සංස්කෘතිය යන දෙකෙහි ම බලපෑමක් වන බව පෙනේ. 


අන්තර් සංස්කෘතිය යනු

එක් සංස්කෘතියක් තවත් සංස්කෘතියක් සමග සම්බන්ධවීමේදී සමාන සංස්කෘතික ලක්ෂණ ඇතිවීම ස්වභාවික ය. 
  • ආක‍්‍රමණ 
  • සංක‍්‍රමණ 
  • මිත‍්‍ර සබඳතා 
  • ආවාහ විවාහ 
  • දේශපාලනික අවශ්‍යතා 
  •  ආගමික අවශ්‍යතා 
  • සෞඛ්‍ය හේතුන්


ආදී එවැනි සබඳතා අන්තර් සංස්කෘතියක් ඇති වීමට හේතු වේ. එය නිතැතින් ම අන්තර් සංස්කෘතියක් බවට පත් වේ. ලෝකයේ බිහි වූ බොහෝ නිර්මාණයන් තුළ දැකිය හැකි ප‍්‍රධානතම ලක්ෂණය වන්නේ අන්තර් සංස්කෘතික අනන්‍යතාවය දක්නට හැකි වීම යි.
ශේෂ්ට යයි හැෙඟන සෑම කලා නිර්මාණයක් ම ලෝකයේ පෙර නොවූ විරූ දෙයකි. එය අපූර්ව වස්තුවකි.  
 (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර - කල්පනා ලෝකය)
යන අරුත් විවරණය අලූත් ඵල අරුත් ගන්වමින් නිර්මාණයක් යනු කුමක්ද ? යන්න  අරුත් දක්වා ඇත්තේය. ඒ කෙසේ නමුත් නිර්මාණය පිළිබඳ කතා කිරීමේ දී ඒ හා ඉතා අලංකාර ශක්තිමත් ඓතිහාසික පදනමක් ගොඩනැගී ඇත.
  
ලෝකය බිහිවීමේ පටන් මිනිසා යම් යම් සන්නිවේදනයක් සිදු කිරීමේ දී විවිධ උපක‍්‍රම භාවිතා කරන ලදී. සතුන් දඩයම් කිරීමේදී සහ ආයුධ භාවිතා කිරීමේදී ඔවුනොවුන් එදා තාක්ෂණික උපක‍්‍රමයන් භාවිතා කරන්නට ඇති බව අපට සිතිය හැකිය. දඩයම් කරගෙන ආ සතුන් හමු වූ අවස්ථාවේ සිට එය පුළුස්සාගෙන කෑම දක්වා එයට යම් යම් දේ එකතු කරමින් රසවත් වෑංජන සෑදීම දක්වා හෙළි වන්නේ මිනිසා සතුව තිබූ නිර්මාණාත්මක හැකියාවයි. ගිනිමැලය වටා ඒ මේ අත දඟලමින් රිද්මයෙන් තොර අතපය සෙළවීමට පසුකාලීනව හැඩතල, රිද්ම, තාලම් වූයේ ඔවුන් සතුව තිබූ නිර්මාණාත්මක ගුණය ම නිසා වේ.

මිනිසා විසින් අපූරු නිර්මාණයක් කිරීමට පෙළඹවීම සඳහා භාෂාව විසින් කර ඇති කාර්යභාරය සුළුපටු නොවේ. එය මිනිසාගේ පරිකල්පන ශක්තිය හෝ වඩාත් නිර්මාණශීලී පුද්ගලයකු කිරීමට පෑදුවේය. ඔහුගේ සිතුම් පැතුම් ක‍්‍රියාකලාපයන් ඉදිරිපත් කිරීම ආදී සියල්ලම භාෂාව මත පදනම් විය හැකි අතර භාෂාවෙන් ගොඩනගන ලද සංස්කෘතිය මගින් මිනිසාගේ සියලූම ක‍්‍රියාකාරකම් මෙහෙයවන ලදි. සංස්කෘතික අංග නිසා ද නිර්මාණශීලීත්වය වඩාත් පුළුල් වපසරියක් එකතු විය. ලෝකයේ මේ වනතෙක් බිහි වූ බොහෝ දේ අන්තර් සංස්කෘතික ආභාසයෙන් ගොඩනැඟුණු ඒවා ලෙසින් හඳුනාගත හැකිය. ඇඳුමපැළඳුම, යානවාහන, ඇදහිලි, විශ්වාස පමණක් ම නොව මිනිසාගේ සියලූ ම දේට නව මුහුණුවරක් අන්තර් සංස්කෘතිය තුළ ගොඩනැගෙන්නේ ය. ඒ අතර කලා නිර්මාණයන්ට ද ලැබෙනුයේ ඉතා සුවිශේෂී ස්ථානයකි. මෙතෙක් ලොව බිහිවූ විශාල ප‍්‍රමාණයක් නිර්මාණයන් තුළ අන්තර්ගතය ගොඩනැගී ඇත්තේ මෙකී අන්තර් සංස්කෘතියේ බලමහිමයෙනි.

ලංකාවේ මෙන් ම ලෝකයේ බිහිවූ අති දැවැන්ත සිනමා නිර්මාණයන්ගේ පටන් කුඩා කවිය දක්වා ම කලා ලෝකය තුළ මෙම අන්තර් සංස්කෘතිය ආභාසය ලබා ළඟා කරගෙන ඇත. ලංකාවේ නිර්මාණකරුවන් තම නිර්මාණයන් උදෙසා රසගුණ නංවාලීම උදෙසා අන්තර් සංස්කෘතිය ගුණාංග හරි අපූරුවට සංයෝජනය කොට ගෙන ඇත.
  
සාහිත්‍යයේ ප‍්‍රගමනයට දායක වූ ලේඛකයන් අතර මාර්ටින් වික‍්‍රමසිංහට පමුඛස්ථානයක් හිමි වේ. ඔහුගේ නිර්මාණාත්මක ලේඛන වල තත්කාලීන සෙසු ලේඛකයන්ගේ කෘතිවල නොමැති ජීවන දර්ශනයක් ගැඹුරක් ඇති බව කියැවේ. සැබවින් ම මෙය ඉවහල් වී ඇත්තේ ඔහුගේ නිර්මාණ කාර්යයට හෝ විවිධ ආකාරයෙන් ලබා ඇති පෝෂණය සංස්කෘතිය ලබාගත් උරුමය යි. සංස්කෘතික පරිසරයේ වෙනස් වීම ගම්පෙරළිය, උපන්දා සිට මනාවට ඉදිරිපත් කරයි. මාර්ටින් වික‍්‍රමසිංහයන් අන්තර් සංස්කෘතිය අත්දැකීම් නිර්මාණකරණයේ දී යොදා ගන්නා හෙයින් ම බොහෝ සාහිත්‍ය ලේඛකයින් අන්තර් සංස්කෘතිය තම නිර්මාණයන්ට ඈඳා ගත්තේය. මිනිසා ජීවත්වන සමාජ හා සංස්කෘතික පරිසරය මෙන් ම උරුම කරගත් හා ඔහුට අනිවාර්යයෙන් ම මුහුණපාන්නට සිදුවන ආර්ථික හා දේශපාලන සංසිද්ධීන් සංසිද්ධීන් ද ඔහු භාවිත කරන භාෂා ව්‍යවහාරය හැඩ ගන්වනු ලැබේ. භාෂාවෙන් තොරව අපිට ආගමික ආර්ථික දේශපාලන සිරිත් විරිත් දෙමළ භාෂාවෙන් තොර වූ සංස්කෘතියක් ද සංස්කෘතිය තුළ වූ භාෂාවක් ද තිබිය නොහැකි වේ.


අන්තර් සංස්කෘතිය තම නිර්මාණ වලට යොදාගත් තවත් ප‍්‍රධාන සාහිත්‍යධරයකු වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් හඳුනා ගත හැකිය. තුමාගේ බොහෝ  නිර්මාණයන් තුළ ඇති අන්තර් සංස්කෘතික අත්දැකීම් මුසු වී ඇති අයුරු ඉතා හොඳින් හඳුනාගත හැකිය. මළගිය ඇත්තෝ, මළවුන්ගේ අවුරුදු දා වැනි නවකතා තුළ මෙම නාට්‍යකරණය තුළ ද ඒ ගුණාංගය අයුරින් ම දැකගත හැකිය.

මනමේ, සිංහබාහු යනාදී අති විශිෂ්ට නාට්‍ය තුළ ගොඩනැගී ඇත්තේ අන්තර් සංස්කෘතික ලක්ෂණයන් ය. උදාහරණ ලෙස මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ සිංහබාහු නාට්‍ය වස්තු බීජය ඔහුගේ සිතෙහි පිළිසිදගත් ආකාරය සහ සිංහබාහු නාට්‍ය බිහිවීම තුළින් දැකගත හැකිය. එක් අවස්ථාවක යම් වරදක් නිසා ඔහුට බිරිඳගෙන් සහ දරුවන් ගෙන් වෙන්වීමට සිදුවිය. දරුවන් වෙනුවෙන් කළ යුතු යුතුකම් ඉටු කළේය. දරුවන් සහ බිරිඳ ගැන නිරන්තරයෙන් සිතන්නේ කුමක්දැයි ඔහු මනසින් මවන්නට විය.

ඒ අතර සිංහබාහු නාඩගම ලියන්නට ගත්තේ දරුවන් වැඩිවිය පැමිණි ස්වාධීනත්වයට සිතන්නට පටන් ගත් විටය. නමුත් ඔහුගේ සිංහබාහු නාට්‍ය තුළ සරච්චන්ද්‍රයන් ගේ කතාව නැත. ඇත්තේ පුත‍්‍ර ස්නේහය නැමැති හැඟීම් පමණි. තිබෙන කතාවක් එයට මූලික ආඛ්‍යාන සපයා දුනි. ඒ තුළ ඇත්තේ අන්තර් සංස්කෘතික අද්දැකීම් ය.

බොහෝ නිර්මාණකරුවන් නිර්මාණකරණයට යොමු වූයේ විවිධ සංස්කෘතීන් තුළින් ගත් අත්දැකීම් ඇසුරෙනි. සංස්කෘතියක ඇති වටිනාකම යමකුට දැනෙන්නේ තවත් සංස්කෘතියක් හා සම්බන්ධවීමේදී වන අවස්ථාවක දී ඇතිවන ගැටීම ආදි නිර්මාණකරණයට මග පාදයි. වෙනත් සංස්කෘතියක් පිළිබඳ යම් හැඟීමක් ඇතිකර ගැනීම සඳහා වූ අත්දැකීමක් ලබා ගැනීම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නිර්මාණයක් හෝ වාර්තාවක් වුව ද හැකිය. 
සංස්කෘතික සමමිශ‍්‍රණයෙන් අත්දැකීම් ලද තවත් නිර්මාණකරුවෙකු ලෙස මහගමසේකර නම් නිර්මාණකරුවා හඳුනාගත හැකිය. විශේෂත්වය වනුයේ ඔහු විසින් සිංහල කවිය තුළින් ගොඩනගා ගන්නා ලද අපූරු දර්ශනය එදා මෙදාතුර සිංහල කාව්‍ය ඉතිහාසයේ බිහිවූ උපදේශ ග‍්‍රන්ථ ප‍්‍රමාණය අතිමහත් ය. අමාවතුර, සුභාෂිතය සිට වත්මන දක්වා උපදේශ කාව්‍ය යන්නේ සිංහල සාහිත්‍යයට හිඟයක් නොමැත. සේකරගේ කවි තුළ දක්නට ලැබෙන අපූරු කතාව සුවිශේෂී ය. ගම්මානයේ ඉතිහාසයෙන් සහ ජන සංස්කෘතික අත්දැකීම් ඔහුගේ නිර්මාණ තුළ බහුල ය.



No comments:

Post a Comment