Sunday, May 28, 2017

ආදරණීය දෙවෙන්දොරා….


ආගන්තුක නුඹට
යමුද දවසක කබුකි බලන්න          
තෙපලූ වදන්
දැනී දැනේ මගෙ පපුතුරට...    
                 

කිලිටි වූ ඇඳුමවල
නැගෙන දහඩිය සුවඳ
සඳුන් සුවඳක් ලෙසට
දැවටෙතේ…දැවටෙතේ
මගේ ගත පුරාවට….

හුදෙකලා නැත මට
නුඹ ලඟ සිටි විට
හීන පිට පිට ඇත
නුබේ හිත මට නැත…

හැරදමා යන තැන
ඉන්න සතුටින් නුඹ
හිමි නැතත් නුබෙ පෙම
ආදරෙයි හැමදින…

හමු වුනොත් මතු දින
හිනහෙන්න පෙර මෙන
උණු කඳුළු ගුලි ගෙන
මම යමියි සතුටින…..

                                              '' මා  භරණ ''

No comments:

Post a Comment