නොපෙනෙන කෙනෙකුන්
වෙනුවෙන් ජීවය ලබා දෙන්නට,
තම ගතෙහි වෙරවීරිය දහඩිය
බිඳුවට දෙවෙනි නොකොට කිසිඳු
පිරිමියෙකුට කළ නොහැකි අනන්ත කැපකිරීමක් කළ වන්දනීය භූමිකාව
ඇය යි. ඒ උත්තරීතර
පදවිය නමින් අම්මා ය.
මව්වරුන් පුදන්නට,
මව්වරුන් වදින්නට දිනයක් අවැසි
නැත. එහෙත්
වැඩවලින්
ම මිනිසුන් හෙම්බත්වුණු
ලෝකයේ මව්වරුන් අමතක කර දමා ඇත්තේ ඇය
කිසිත් නොකළ කෙනෙකුන් ලෙස
සළකා ය. එසේ මව්වරුන්
අමතකකර දමා ඇති ලෝකයේ
ඇය මතක්කර දෙන්නට ලෝකයා
වාසියෙන් ගැළවීමට නම්කරගත් දිනය
නම් ලෝක මව්වරුන්ගේ දිනය
යි. ඒ සෑම වසරක
ම මැයි 14 වෙනිදා ය.
අවුරුද්දකට දින
365 කි. එය ඔබ මා
දන්නා කරුණක්. පණ දෙවෙනිකොට කුඩා
කළලයකට පණ දෙන්නට තම
දිවිය පවා කැපකෙරූ ඇයට
උරුම වන්නේ වසරේ එක්
දවසක් ද යන්න ඇති
ගැටළුවකි. සියල්ලෝම
එළිය දුටුවේ ඇයගේ පිහිටෙනි.
ඇහැක ලෙසින් රැකබලා ගත්තේ
ද කුසගින්නේ හිඳ අප
කුස පිරෙව්වේ ද ඇයම
ය. වසරේ දින 365 ම
ඇයගේ ය.
ආදරයේ, සෙනෙහසේ,
ප‍්‍රතිමූර්තිය වන් වූ ඇය සමරන
මේ වසරෙත් මැයි 14 දිනය ගෙවී ගියේ
ය. මෙවර මව්වරුන්ගේ දිනයේ
තේමාව වූයේ ‘‘ වෙනසක් සඳහා කැපවෙමු ’’ යන්නයි. සැබවින් ම
වෙනසක් අවශ්‍ය වේ. මන්ද මව්වරුන් විදිනා
අනේකවිද දුක් ගැහැට සමාජයේ
අනන්ත ය. අප්‍රමාණ ය. දරුවන්
මව්වරුන් කෙරෙහි මීටත් වඩා
දක්වන ආදරය වැඩි විය
යුතුය. මව්වරුන් කෙරෙහි ද
ඉතා සියුම් වගකීමක් නැත්තේ
ම නොවේ. කුඩාකල පටන්
සුරතල් සිඟිති කිරිකැටියා
වැඩිපුර රැඳෙනුයේ මවගේ ඇකයෙහි
ය. එනයින් දරුවාගේ ගුණවත්කම්,
යහපත්කම් කුඩාකළ පටන් ම
ගොඩනැගීමේ වගකීමෙන් මවට කොයිවෙලාවකුදු
බැහැරවිය නොහැකි ය. එබැවින්
එම පැතිකඩයන් යුගළය ම
නූතනයේ වෙනසකට මුළපිරිය යුතු
වේ. මව්වරුන්
ළමයා හරිහැටි හැදුවේනම්
කිසිදිනක තම මවට මෙලෙස
නොකරන බවට සහතික කළ
හැකිය.
නූතන මවට
තම දරුවා ගැන බලන්නටවත්
වෙලාවක් නොමැත. තම රූ
සපුව ගෙන සිතමින් බියුටි
සැලුන්වල කල් මරන්නට ඇයට
ඕනෑ තරම් කල්වේලා ඇත.
දරුවා වෙනුවෙන් වෙන් කරන්නට
කාලයක් ඇයට නැත. තම
දරුවා නැනී අතේ ය.
මව්කිරි වෙනුවට එළකිරි ය.
කිරිටික දරුවාට දෙන්නටවත් ඇය
ස0වේදී
නොවන්නේ ද ? එළකිරි හරකුන්ගේ
ය. ඒ තුළ ඇත්තේ
හරක් ගුණ ය. ඉතිං
ඒවා බී දරුවන් හරකුන්
සේ මෙවන් වැඩකිරීම පුදුම
වීමට කාරණාවක් නොවන්නේ ද
?. එය මව්වරුන් සිහියේ තබාගත
යුත්තකි.
මවකගේ උත්තරීතරත්වය
කොළොන්තොටින් නැව් නැග අද
යුරෝපයට ගොස් ඇත. ඕස්ටේ‍්‍රලියානු
පාර්ලිමේන්තු මන්තිවරියක් තම දරුවා
පාර්ලිමේන්තුවට ගෙනවිත් සභාවේදී කිරි
දුන්නේය. ලොවක් ස0වේදී කළ ඒ
දසුනේ හිමිකාරීත්වය මීට වසර
ගණනාවකට පෙර උරුම වූයේ
ලක්වාසී අපට ය. නමුත්
අද එය උරුමය යුරෝපයට
ය.
මව්වරු සේ
ම දරුවන්ද තම වගකීම,
යුතුකම අත්හැරිය නොයුතුය. පසුගිය
වෙසක් සමයේ මව්වරුන් අතරමග
දමාගොස් යනඑනමන් අහිමිකළ පුවත්
ගණනාවක් රූපවාහිනී, ගුවන්විදුලි" පුවත්වලින්
අසන්නට දකින්නට ලැබුණි. හිත්පිත්
නැති ලෙසින් මහමග දමාගොස් සිටි අසරණ
මව්වරුන් කිසිදු විටෙක තම
දරුවන්ට වරද නොපටවන්නේ තවමත්
ඇයගේ ලේ තුළ උඩුදුවන
අසීමිත දාරක ස්නේහය නිසාවෙනි.
ඒ ලෙයින් ම ජීවය
තැණුනු දරුවන් තුළ එසේ
මාතෘ සෙනෙහස උඩු නුදුවන්නේ
මන්ද යන්න ප‍්‍රබල සමාජ ගැටළුවකි.
එයට මා මුලින් සඳහන්
කළ ගැටළුව ද හේතුවිය
හැකිය. එහෙත් කිසිදු විටක
දරුවන්ට තම දෙමාපියන් කෙරෙහි
වරද පටවා අත පිසදාගත
නොහැකිය.
මේ තරම්
බණ අසනා, මේ තරම්
බණ දෙසනා රටක් ලෝකයේ
තව නැත. එලෙසින් ම
මෙතරම් මව්වරුන් දුක් විඳින
රටක්ද ලොව නැති තරම්
ය. ශිෂ්ට ස0ස්කෘතියකට උරුමකම් කියනා
රටකට මෙසේ වූයේ ඇයිද
යන්න අප තවදුරටත් ප‍්‍රමාද
නොකොට සිතා බැලිය යුතුය.
කදුළු හෙළා
නෑබිලියට සහල් ගැරූ ඇය,
සුසුම් හෙළා
ගිනිදළු ගෙන ලිප මෙලවූ
ඇය,
වෙල්දෙනිවල ඇවිද
ගොසින් වෙරළු ගෙනා ඇය
අද මහමග
දමාගියත් මල් මල් චීත්තයෙන් කදුළු පිසිමින්, අදටත් තම
පුතුන්, දූ වරුන් එනතුරු
ඇය මහමග බළා සිටියි.
එක් දිනයකට මව්ගුණයන් සීමා
නොකොට දිවි ඇතිතෙක් ඇය
පණමෙන් රකින්න. ඒ කෙසේදයත්
කුඩාකළ ඇය ඔබව රැක්කා
සේ. එය සුවහසක් මව්වරුන්ගේ
නෙතින් ගළන කදුළු ගුළි
සිඳීයන්නට හේතුවාසනාවක් ම වේවි………
'' මා භරණ ''
No comments:
Post a Comment