Tuesday, May 23, 2017

දවසක්දා ..පාවී එනවද මා සොයලා…



මේ ලෝකය මෙතරම් කාලයක් මේ විදියට ලස්සන වෙලා තියෙන්නේ කලාව නිසා කියලයි හැමෝම කියන්නෙ. ගීතයත් කලාවක්. තැළුණු සිත් සනසන්න, රිදුණු, බිදුණු සිත් යළි ගොඩනගන්න ගීතයට ඇත්තේ අපූර්ව වූ හැකියාවක්. සෝ තැවුලින් තෙතමනය වූ සිත් වියලාලන්නට, විඳවන සිත් විඳින්නට මන්පෙත් විවර කර දෙන්නට ගීතයට පුළුවන්. බොහෝදුරට ගීතයට සවන්දෙන්නාගේ අත්දැකීමක් එක්ක තමයි  සංවේදීකම වැඩිපුර කෙනාට දැනෙන්නේ. ඔබට මට ඒක පොදු ධර්මතාවක්. බොහෝ දුරට ගීත පදවල් තැනෙන්නේත් ගේය පද රචකයාගේ ජීවන අත්දැකීමක් එක්කම යි.
  ගේය පද රචකයන් අතින් රූපවාහිනී ටෙලි නිර්මාණවල තේමා ගීතයන්ට ඉතාමත් අලංකාර ගේය පද රචනයන් සිදුවනවා මෑත කලයේ ටෙලිනිර්මාණ වලින් පමණක් නොවෙයි, ලාන්කීය රුපවාහිනියී මුල්කාලයේ වු ටෙලි නිර්මාණයන්ගෙන් දැකගත හැකියි. දඬුබස්නාමානය, වෙද හාමිනේ, ඉන්ගම්මාරුව, සඳගල තැන්න  ටෙලි නාට්‍ය තේමා ගීත අදටත් අපට මතකයේ පවතින්නේ ඒවායෙහි පවතින රසාත්මක බව නිසා යි.
  වෙද හාමිනේ නාට්‍යයේ  ‘ දූවිලි දූවිලි දූවිලි යන වදන් තුන ඇසුණු කල්හි අපගේ ගතට දැනෙණුයේ අමුතු වූ ප්‍රබෝධයකි. ටෙලිනාට්‍යය ගීතයක පවතින ජීව ගුණය නිසාවෙනි.
          මෑත කාලීන රූපවාහිනී ප්‍රේක්ෂකයාගේ මුව තුළ නිතරම මුමුණන ගී පද පේළි කිහිපයක් ඇත. තමයි මේ දිනවල අංක එකේ ටෙලිනාට්‍ය ලෙසින් ප්‍රේක්ෂකයන් වැලඳගත්  ‘ දෙවනි ඉනිම  නාට්‍යයේ ඇතුළත් එක් ගීතයක්. ශෙහාන් ගලහිටියාව පද රචකයාගේ පද ගැළපීමෙනුත් නිමේෂ් කුලසිංහ සංගීතයෙනුත් අලංකාර වූ මෙම ගීතය ගයන්නේ කල්පනා කාවින්දි නම් වූ නවක ගායිකාවක්. මෙකී තෙඅංශයන්ගේ ගැළපීමේ සෞන්දර්යාත්මක ප්‍රතිඵලය නම් රසවිදිය හැකි ගීතයක් නිර්මාණය වීමයි.

           යන එන මගතොට බසයේත්, ලොතරැයි කූඩුවේත්, ත්‍රී වීලර්පාර්ක් එකේත් නිතරම මේ දිනවල ඇසෙනුයේ මේ ගීතය යි.

            දුක්බර කතාවක පද ගැළපුමක් වුව එයින් මතුවන රසය නම් කිසිඳු නීරසයක් නැත. පද ගැළපුමේ අර්ථය එතරම් කඨෝර නැත. හිත් මනබඳනා මේ සොදුරු ගීතය මේ දිනවල ඉතා ජනප්‍රි බව ඔබට මට දැකගන්න පුලුවන්. බලන්න ගීතය කොතරම් රසවත් කියල. සමහරවිට ඔබටත් මෙවන් අත්දැකීමක් තිබෙන්නට පුලුවන්. මදක් නැවතිලා බලන්න මේ ගීතයේ පද පේළි කොච්චර නම් ලස්සනද කියලා.

නිදි නේනාහීන ගේනා
මට ඕනාදෑස පේනා…                 
සඳ පායා පායා රෑසිත ඇහැරලා
කවුරුත් දන්නේ නෑ මා ආශා
මගෙ සොඳුරු හැඟුම සඟවා සඟවා                       
සිහින මවනවා
ඔබ ගැනම නිතර සිතලා සිතලා
දෙනෙත තෙමෙනවා
මගෙ එකම පැතුම පාරා පාරා
රහසෙම ඉකි බිඳුණා
දවසක් දා පාවී එනවද මා සොයලා..
හිත හදලා
සද පායා පායා රෑ ...
සිත ඇහැරලා
කවුරුත් දන්නෙ නෑ මා ආශා
මා හද හැඟුමන් වර්ෂාවේ     නැහැවීලා

නෙතු කදුළු අතර රඳවා රඳවා
දවස ගෙවෙනවා
ඔබ අහිමි වෙයිද සිතලා සිතලා...
සිතම රිදෙනවා
දුර බලන බලන වාරේ පාසා
සමනළ සිත සැළුණා
දවසක් දා
පාවී එනවද මා සොයලා
හිත හදලා

     ඒ ලෙසින් පද රචනයේ සොඳුරු බව වටහා ගත හැකියි. මෙතරම් සොඳුරු රසවත් ගීතයක පද ගැළපීම පමණක් දැකීම අඩුවක් සේ ඔබට දැනෙයි. නිසාවෙන් මෙලෙසින් ගීතය සවනට මුසු කරමු.
එන්න අහන්න. බලන්න. විඳින්න. සමහර විට පුළුවන්වෙයි ඔබට ඔබගේ අතීතයට යන්න. අතීතය තුළ මොහොතක් නවතින්නට. අහල බලන්න මදක්මේ ඔබේ කතාව වෙන්න පුලුවනම්....සැබවින්ම මේ  කතාවම ඔබේම වෙන්න පුළුවන්.....

                                                          ' මා  බරණ '   




No comments:

Post a Comment