නොවැම්බර් මස 16 දා
ප.ව 06.00 ට නෙළුම් පොකුණ රඟහලේදි..
ප්‍රවේශපත්; https://www.mytickets.lk/event/mahaa-supina/330
වියත් බව ආභරණයක් කර නොගත් ඔහුගෙන් ලාංකීය කලා ක්ෂේත්රයට ලැබුණු සහ දැනටමත් ලැබෙන දායකත්වය අතිමහත්. මහසමයම නාට්‍යය වේදිකාගත වීමෙන් අනතුරුව ඔහු තුළ සිටින අපූර්ව නිර්මාණකරුවා කවුරුන්ද යන්න මුලූ මහත් ලෝකයකට වැටහුණු කාරණාවක්. මහ සමයමට පෙම් බැන්ද ඔබට ඒ හා සමානම අත්දැකීමකට මුහුණදෙන්න අනගි අවස්ථාවක් තවත් දින කිහිපයකින් ඔබ වෙතට ලඟා වෙනවා. ඒ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන්ගේ නවතම වේදිකා නාට්‍යය ‘‘මහාසුපින’’ තවත් දින කිහිපයකින් වේදිකාගත වන්නට සූදානම්. එය ලාංකීය වේදිකා නාට්‍යය ඉතිහාසයේ සොඳුරුතම සංධිස්ථානයක් වනවා නොඅනුමානයි. මේ සතියේ කතාබහ මහසුපින නාට්‍යයේ නිර්මාතෘ මහාචාර්ය ආරියරත්න ඇතුගලයන් සමග ....
මහසුපින ගැන යම් සඳහනක් කළොත් ?
මහසුපින කියන්නෙ විශ්වවිද්‍යාලයේ අලූත්ම ව්‍යාපෘතියක්. ඒක ඉගෙනුම් ඉගැන්නුම් සහ නිර්මාණාත්මක ක්‍රියාවලියක්. ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ සම්මත පංති කාමර ඉගැන්වීම් ක්‍රමය ඉක්මවල නිර්මාණාත්මක අධ්‍යයනය ලබලා දෙන්නේ කොහොමද කියන එක අධ්‍යයනය කිරීම. ඒකෙදි ළමයගෙ චින්තන ශක්තිය, අවබෝධය, ආතතිය, නව උත්පාදන ශක්තිය වැනි මේ හැමදෙයක්ම විශ්වාස කරනවා. නමුත් පංති කාමර අධ්‍යාපන ක්‍රමය තුළ ඒ දේ වෙන්නේ නැහැ. තමන්ටම හිතන්න පුලූවන්, නිර්මාණය කරන්න පුළුවන්, තමන්ටම අදහසක් ගොඩනගාගන්න පුලූවන් පුරවැසියෙකු බිහිකිරීම තමයි මේකෙ මූලික අරමුණ වෙන්නේ.
මහසුපින නිර්මාණ මූල බීජය ඔබේ සිත් තුළ රෝපණය වෙන්නෙ කොහොමද ?
අදහස එන්නෙ කිසියම් හේතු ගණනාවක්ම බලපෑවා. එහිදි මහසුපින කියන ජාතකය මීට දශක දෙකක කාලයක පටන් ආසියානු සමාජය තුළ සහ ශ්‍රී ලංකාව වගේ රටවල වැඩියෙන් සාකච්ඡුා වුණ මාතෘකාවක්. මීට වසර 2500කට පෙර බුදුන් වහන්සේගේ ජාතක කතාවක එන මේ පුවත තුළ කතාවෙන්නේ වසර දෙදහස් පන්සියයකට මෙහා ජනතාවගේ සිතුම් පැතුම් සහ ඇවතුම් පැවතුම් ගැන. එතකොට මේ කතාපුවත ඉතාමත් නිර්මාණශීලී කතාපුවතක් ලෙසටයි මා දකින්නේ. හුදු මේක ජාතක කතාවක්ම පමණක්ම නෙවෙයි මේක. සමස්ත මිනිසා පිළිබදව සහ මේ මොහොතේ තියෙන සමාජ, දේශපාලන, ආර්ථික හැඩතලයන් මනාව ගැබ් වුණු ජාතක කතාවක්. මට හිතුණා ඒක විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන්ට වඩා හොඳයි කියලා. ඒ නිසා තමයි එක තෝරගන්නේ. අනිත් කාරණාව ඉන්දියාව, බුරුමය, චීනය කියන රටවල නිර්මාණයන්ට මේ ජාතක කතාවේ තියෙන අර්ථවල ආබාසය ලබලා තිබීමත් ගන්න පුලූවන්. කොහොම වුණත් මේක ජාතක කතාවක්. මේකෙ සිහින තියෙන්නේ. මේකෙ සම්මත චරිත නැහැ. හැමදෙයක්ම සංකේතාත්මක විදියට තමයි මම භාවිතා කරලා තියෙනේ. මේ සියලූ කරුණු තමයි මේ ජාතක කතාව තෝරාගන්න හේතුව.
මහසුපින කණ්ඩායම ගැන යමක් කිව්වොත් ?
විශ්වවිද්‍යාල කණ්ඩායම තමයි ප්‍රධාන වෙන්නේ. සියලූ රංගනයෙන්, ගායනයෙන්, පසුතල, වේෂ නිරූපණ, ඇඳුම්, වේදිකා පරිපාලනය වගේ මේ හැමදෙයක්ම කරන්නෙ ඔවුන්. ඒ වගේම බාහිර නිර්මාණකරුවන් කිහිප දෙනෙක් ඉන්නවා. නිශ්ශංක ධිද්දෙනිය, බුද්ධදාස විතානාරච්චි, සාරංග දිසාසේකර, අකිල ධනුද්ධර, මාධිනී මල්වත්ත, සුලෝචනා වීරසිංහ, ජනක රණසිංහ, රංගන කාර්යයෙනුත් රවිබන්දු විද්‍යාපති තමයි නර්තන වින්‍යාසය. තරුපති මුණසිංහ තමයි සංගීතය. වේදිකා පරිපාලනය උපාලි ආරියසිරි. මේ වගේ විවිධ අත්දැකීම් විශ්වවිද්‍යාලයක ළමයෙකුට ලැබෙන්නේ පළමු වතාවට. ඒකට ස්තූතිවන්ත වෙන්න ඕන වත්මන් උපකුලපති තුමාට. විශාල සහයෝගයක් ඔහු අපට දීල තියනවා. එහම නොවුණ නම් අපිට මේක කරන්න බැහැ.
මහසමයම නාට්‍යයත් මේ වගේම දැවැන්ත නිර්මාණයක්. මහසුපින කොහොමද මහ සමයමෙන් වෙනස්වෙන්නේ ?
මහසමයම ශෛලිගත සම්ප්‍රදායට අයත් නාට්‍යයක්. මහසුපින සාමාන්‍යයෙන් නාට්‍ය මූලධර්මයන් එක්ක තමයි යන්නේ. ස්වභාවික දෙබස් සහ ස්වභාවික රංග රීතීන් මෙහි තියෙනවා. ඒ වගේ නව තාක්ෂණික ප්‍රයෝග නව අලංකාරික දේවල් භාවිත වෙනවා. වීඩියෝ මැපින් වගේ දේවල් ලංකාවෙ වේදිකා නාට්‍යයට භාවිතා වෙන්නේ පළමු වතාවට. නෙළුම් පොකුණ වගේ වේදිකාවල අත්දැකීම් විශ්වවිද්‍යාල ප්‍රජාව දැනගන්න ඕන නිසාම තමයි මේ සඳහා නෙළුම් පොකුණ තෝරගන්නෙත්.
මහසමයම නැවත ප්‍රදර්ශනය නොකර මහසුපිනට අතගහන්න හේතුව ?
මහසමයම ආයිමත් කරන්න කැමැතියි. ඒත් ඒකට මූල්‍යමය දායකත්වයක් අවශ්‍යයි. මොකද ඒක මට තනියම ගොඩනගන්න බැහැ. ඒකට යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕන. එහෙම තැනකදි ඒක ආරම්භ කරන්න පුලූවන්. මේක කරන්නෙ තවත් අත්දැකීමක් ලබාගත යුතු නිසා. මේකත් හැබැයි සාමාන්‍ය නැහැ. මම කැමති නැහැ නාට්‍ය තැනින් තැන ගෙනියන සම්ප්‍රදායට. නෙළුම් පොකුණ වගේ තැනකට ඇවිල්ල නාට්‍යයක් රසවිඳිනව කියන එකේ ලොකු වෙනසක් තියනවා. කොහොම වුනත් අපි අමාරුවෙන් හරි මේ වගේ අත්දැකීම් ලබාගන්න ඕන.
මහසුපින නාට්‍යය වේදිකාගත කිරීම ගැන යමක් කිව්වොත් ?
නොවැම්බර් මස 16 වෙනිදා කැලණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති තුමාගේ ප්‍රධානත්වයෙන් ප.ව 06.00 ට නෙළුම් පොකුණ රඟහලේදි නාට්‍යය වේදිකාගත වෙනවා. ප්‍රවේශපත් ලබාගන්න පුලූවන් MyTikets.lk හරහා. මේකෙදි වෙනස තියෙන්නේ නෙළුම් පොකුණේ පෙන්නුවට අපි නාට්‍ය ප්‍රවේශපත් සාමාන්‍ය වේදිකා නාට්‍ය මිල ගණන් වලටම තමයි අලෙවි කරන්නේ. මිල ගැන වෙන සංදර්ශන වල වගේ බිය විය යුතු නැහැ. ඔබ අපේක්ෂා කරන මුදලට ප්‍රවේශපත්‍ර තිබෙනවා.
නෙළුම් පොකුණෙ වේදිකාගත කිරීමෙන් පසුව මහ සුපිනට මොකද වෙන්නේ ?
ඇත්තටම කියනව නම් අනාගතයක් නැහැ මහසුපිනට. ඒක අපේරටේ අනාගතය වගේ තමයි. නාට්‍ය ගැන ජාතික වැඩපිළිවෙළක් නැති රටක තනි පුද්ගලයෙකුට කලාව කරන්න අමරුයි. මේක කරන්නේ විශ්වවිද්‍යාලයේ සහයෝගයෙන්. මින් පසුව තව කෙනෙක්ගේ සහයෝගයක් ලැබුණොතින් පමණයි මේ දේ කරගෙන යන්න පුළුවන්.
ඒ කියන්නෙ මහසමයමට වුණු දේම මහසුපිනටත් වෙනව කියලද ?
මම හිතනවා ඊටත් වඩා ඛේදවාචකයකට මුහුණදෙන්න වෙයි. මහසමයම මම දහවතාවක් පෙන්නුවා. නමුත් මහ සුපින දහවතාවත් කරයිද කියලා සැක සහිතයි.
පැවති පාලන ක්‍රමයට යම්කිසි පහර ගැසීමකුත් මහ සුපින හරහා සිදුවනවා නේද ?
සාමාන්‍යයෙන් පහර ගැසීමේ කලාව මම කොහෙත්ම භාවිතාකරන්නේ නැහැ. මිනිස්සුන්ට තවදුරටත් හිතන්න දෙයක් දෙන එක තමයි මම මේකෙන් කරන්නේ. මේක තමයි හරිම දේ කියල මට කියන්න බැහැ. කාගෙන් හෝ මේ ගැන දාර්ශනික අදහසක් ලැබුණොතින් ඒ දේ පමණක් මම භාරගන්නවා.
අවසාන වශයෙන් පේ්රක්ෂකයන්ට මොකද කියන්න තියෙන්නේ ?
මහසුපින හරහා අතිවිශාල ආදරක් එකතු වුණා අප වටා. ලෝකෙ නාට්‍ය කලාව එක්ක ලංකාවෙ නාට්‍ය කලාව කොතනද තියෙන්නෙ කියන දේ බලන්න නම් එන්න මහසුපින බලන්න. ලංකාවේ නාට්‍ය කලාව ලෝකෙ කොතෙක් දුරට අරගෙන යන්න පුලූවන්ද කියන එක ඔබට මහසුපින හරහ දැකගන්න පුලූවන්. ඔබ වේදිකාවෙන් ලබන ඉහලම වින්දනය මහසුපින නැරඹීමම වෙන්න පුලූවන්. ඒ රංග කාර්ය නරඹන්නට ඔබ සැමට මේක තමයි හොඳම අවස්ථාව.
මා භරණ
No comments:
Post a Comment