Friday, July 7, 2017

උතුම් පැතුම්..




දකින දකින හැම හීනෙම
නුඹවම මට පෙනේනම්...
වැටෙන වැටෙන හැම තැනදිම
නුඹ මගෙ ලග හිදීනම්...
දෑගිල්ලෙන් ජීවිතයම
හරි හරියට බැදීයං...
හුස්ම දැනෙන දුරින් ඉන්න
හැමකල් වාසනවන්...

සිනා දසන් නුඹෙ මුව තුල

නිතරම මට පෙනීයන්...
මං නැති තැන නුඹේ හිතට
හුදෙකලාව නොවීයන්...
සතුටු කදුළු නිල් ඇස් කොන
දිලිසි දිලිසි තිබීයන්..
ලගින් නැතත් නුඹේ ලගින්
මං ඇතිබව දැනීයන්....


                               මා  භරණ

No comments:

Post a Comment